මහින්දානන්ද අල්ලන්න පෙර ඇප ඉල්ලයි

0
3


සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් අද (මැයි 14) දිනයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප පෙත්සමක් ගොනුකර තිබේ.

ඒ, පසුගිය රජය සමයේ චීනයෙන් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වීමේ සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් තමන්ව අත් අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත තමන්ව මුදාහරින ලෙස ඉල්ලා සිටිමිනි.

ඒ අනුව, මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 19 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නොතීසි නිකුත් කළාය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here