මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද (13) උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු, අමාත්‍ය වරයකු මෙන්ම ආණ්ඩුකාර ධුරයක් හොබවා ඇති ඒ මහතා මියයනවිට 91 වන වියෙහි පසුවිය.
1974 වසරේ දී ලංකා සමසමාජ පක්ෂයෙන් සිය දේශපාලන දිවිය ආරම්භ කළ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සංවිධානය සහ ශ්‍රී ලංකා කොම්යුනිස්ට් පක්ෂයේ විවිධ තනතුරු හොබවා තිබේ.
Saru News










