මහවැලි ඉඩම් බෙදාදීමේදී විවිධ අක්‍රමිකතා සිදුව ඇතැයි පාර්ලිමේන්තුවේ දී අද අනාවරණය වුණා.
මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා.
මේ, ඊට ප්‍රතිචාර දැක්වූ ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා.
අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ අතර වවුනියා විද්‍යා පීඨයේ සිංහල මාධ්‍යයේ පාඨමාල ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ කළා.
වැලි මිල ඉහළ යාම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කෙරුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.එම්. බස්නායක මහතා සහ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ මහතා.
වැලි කියුබ් එකක් සඳහා වැලි තොටුපළේ දී නියම වන මිල රුපියල් 8,500ක් දක්වා මේ වන විට ඉහළගොස් ඇති බවයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ මහතා මෙහිදී පැවසුවේ.
පාර්ලිමේන්තුව තවදුරටත් පැවැත්වෙනවා. එහි තවත් තොරතුරු නෙත් නිවුස් ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශයන්ගෙන් බලාපොරොත්තු වන්න.
Saru FM Media