ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි ආරක්ෂක අංශයේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ නිලධාරියෙක් සිදු කළ ඩීසල් වංචාවක් සම්බන්ධයෙන් විගණන විමසුම් මත හෙළි ව තිබෙනවා.
2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා රාජකාරි කළ වාහනය වෙනුවෙන් නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයට වඩා රුපියල් දශ ලක්ෂ හැට තුන්දහස් නවසිය අසූ අටක (1,063,988)ක ඉන්ධන තොගයක් භාවිතා කර, අධිකාරියට සිදුකර ඇති මූල්‍යමය අලාභය අභ්‍යන්තර විගණනයකින් හෙළි වී තිබියදි පරිවාස කාලය අවසන් වීමෙන් පසු ඔහුගේ සේවය ස්ථිර කරන බවට, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන ඇති තීරණයට මහවැලි ආරක්ෂක නිලධාරීන්ගේ දැඩි විරෝධය පළ වී තිබෙන්නේ මෙවන් පසුබිමකදී බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
2023 මාර්තු 23 වැනිදා සිදු කරන ලද විගණන විමසුම් වාර්තාවට අදාළව කරන ලද මූලික විමර්ශන වාර්තාවට අනුව ඔහු එම කාලය තුළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් නිල රථයට ලබාදෙන ඉන්ධනවලට අමතරව රුපියල් දස ලක්‍ෂ හැට තුන්දහස් නවසිය අසූ අටක ඉන්ධන තොගයක් භාවිතා කර ඇති බවට හෙළිදරව් වී තිබෙනවා.
මේ සම්බන්ධව 2025 මැයි 23 වෙනිදා පැවැති පොදු ව්‍යාපාර කාරක සභා වාර්තාවේ දී කරුණු අනාවරණය වී තිබියදි ශ්‍රී ලංකා
මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ, එච්.එම්.ජේ.කේ. හේරත් මහතා විසින්, අදාළ මහවැලි ආරක්ෂක බලකායේ සහකාර අධ්‍යක්ෂවරයා අවභාවිතා කර ඇති මුදල්වලින් අඩක් ගෙවන ලෙසට ලිඛිතව දැනුම් දීමක් ද කර තිබීම හාස්‍යයට කරුණක් බව ද මහවැලි ආරක්ෂක නිලධාරීන් පෙන්වාදෙනවා.
වසරක් ඇතුළත ඉන්ධන තොගයකින් රුපියල් ලක්ෂ දහයකට වැඩි මුදලක් රජයට අලාභ හානි සිදුකර ඇති මහවැලි ආරක්ෂක අංශයේ සහකාර අධ්‍යක්ෂවරයා මේ වනවිට දිගන ප්‍රදේශයේ සේවය කරන අතර, මෙම වංචාව පිළිබඳ ව පුළුල් පරීක්ෂණයක් සිදුකර රජයට සම්පූර්ණ මුදල අයකර ගනිමින්, ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීමට වැඩකටයුතු කරන ලෙස
තමන් මහවැලි අමාත්‍යවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද මහවැලි ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කරනවා.
Saru FM Media