මහනුවර නගරයේ ගොඩගැසුනු වෙන්කල නොහැකි මිශ්‍ර කසළ කළමනාකරණය සඳහා සිය සහාය ලබාදීමට කොළඹ මහනගර සභාව තීරණය කරයි

0
5


“සිරි දළදා වන්දනාව” පැවති සමයේ මහනුවර නගරයේ ගොඩගැසුනු වෙන්කල නොහැකි මිශ්‍ර කසළ කළමනාකරණය සඳහා සිය සහාය ලබාදීමට කොළඹ මහනගර සභාව තීරණය කර තිබෙනවා. 

ඒ, ඊට අදාළව මහනුවර මහනගර සභාවෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලමින්. 

මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය නෙත් නිවුස් වෙත කියා සිටියේ වෙන් කළ නොහැකි මිශ්‍ර කසළ දහනය කිරීම සඳහා මහනුවර නගර සභාව සතුව පහසුකම් නොමැති බවයි. 

ඒ අනුව ඊට සහාය ලබාදෙන ලෙසයි කොළඹ මහනගර සභාවෙන් ඉල්ලීමක් කර තිබුණේ.

මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් නෙත් නිවුස් කොළඹ මහනගර සභාවෙන් විමසීමක් කළා. 

එහි ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ මහනුවර එක්රැස් වී ඇති කසළ දහනය කිරීම සඳහා අදාළ අංශ සම්බන්ධීකරණය කළ හැකි බවයි. 

කොළඹ මහනගර සභාව ද එම කටයුතු සිදු කරන්නේ පෞද්ගලික අංශයේ සහයෝගයෙන් බව ඔහු කියා සිටියා. 

එබැවින් මහනුවර නගරයේ එක්රැස් වී ඇති කැළිකසළ දහනය කිරීම සඳහා වැයවන මුදල මහනුවර මහනගර සභාවට දැරීමට සිදුවන බවයි කොළඹ මහනගර සභාවේ ප්‍රකාශකයා නෙත් නිවුස් වෙත වැඩිදුරටත් කියා සිටියේ. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here