මහනුවර කොළඹ අධිවේගයේ මීරිගම කඩවත කොටස කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්

0
13


මහනුවර කොළඹ අධිවේගී මාර්ගයේ  මීරිගම කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් යළි ආරම්භ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ප්‍රවාහන හා නාගරික සංවර්ධන අමාත්‍යාංශවල නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීයී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

ජනාධිපතිවරයා හා ප්‍රවාහන,  මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මෙන්ම නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යංශයේ නිලධාරීන් අතර සාකච්ඡාව පැවැත් වුණේ ජනාධිපති කාර්යාලයේදීයී.

එහිදී කරුණු රැසක් පිළිබද අවධානය යොමු කළ ජනාධිපතිවරයා කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන්මාර්ග ව්‍යාපෘතියේ ප්‍රතිලාභ කඩිනමින් ජාතික ආර්ථිකයට එක් කර ගැනීම පිළිබදව ද සාකච්ඡා කළා.

ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු සදහා ලබා දිය හැකි කෙටි කාලීන මෙන්ම දිගුකාලීන් විසදුම් ඇතුළත් යෝජනා පිළිබදව ද සාකච්ඡා කෙරුණා.

කොළඹ නගරයේ මාර්ග තදබදය අඩු කිරීම සදහා දුම්රිය පද්ධතිය වැඩිදියුණු කිරීම සහ බස් රථ හා  මාර්ගස්ථ සේවා ප්‍රමිතිකරණය කිරීමට අදාළ නියමු ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කය මුල් කරගනිමින් ආරම්භ කිරීම පිළිබදව ද සාකච්ඡාවේදී අවධානය යොමු වුණා.

එමෙන්ම කොළඹ, මහනුවර, කුරුණෑගල, මොරටුව යන නගර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීම පිළිබද ව ද සාකච්ඡා කෙරුණා.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබා නොදෙන ඉඩම් හදුනා ගැනීම සහ එම ඉඩම් නිසි ලෙස  කළමනාකරණය කිරීම පිළිබදවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here