කොළඹ LNW:2025 – 2026 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහනට අනුව අදාළ මිල ගණන් රජය ප්‍රකාශයට පත්කර තිබේ.
අද (16) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී එම මිල ගණන් ප්‍රසිද්ධ කරන ලදී.
එහිදී වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද පැවසුවේ කීරී සම්බා වී කිලෝවක මිල රුපියල් 140, සම්බා වී කිලෝවක මිල රුපියල් 130, නාඩු වී කිලෝවක මිල රුපියල් 120කට මිලදී ගැනීමට නියමිත බවයි.
මෙවර වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති බව ද වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කරන ලදී.

The post මහ කන්නයේ වී මිල ප්‍රකාශයට පත් කෙරේ! appeared first on LNW Sinhala.
Saru News








