කොළඹ මරීනා (Marina) කැසිනෝව තුළ පුද්ගලයකුට පහරදී රුපියල් ලක්ෂ ගණනක මුදලක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය නිසි විමර්ශනයක් සිදුනොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් අදාළ කැසිනෝවේ හිමිකරුවන රවී විජේරත්න මහතා ඇතුළු කිහිපදෙනකුගෙන් තමාට සිදුවූ අසාධාරණයක් පිළිබඳව කරන ලද පැමිණිල්ලක් පිළිබඳව දීර්ඝ ලෙස විමර්ශනයක් කිරීමෙන් අනතුරුව ජාතික පොලිස් කොමිෂන් සභාව එලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මෙම සිද්ධියෙන් අගතියට පත් පුද්ගලයා විසින් ජනාධිපතිවරයා වෙතද අදාළ සිද්ධිය පිළිබඳව දැනුවත් කර තිබේ.
ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කර සම්පූර්ණ වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් වෙනුවට ජනාධිපති කාර්යාලයේ අධ්යක්ෂ (මහජන සම්බන්ධතා) එම්.එච්.නිමල් ප්‍රේමතිලක මහතා විසින් කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාටද දැනුම් දීමක් කර ඇත.
2023 වසරේ ජූලි මාසයේදී තමාට මෙම සිදුවීමට මුහුණ දීමට සිදුවූ බවත්, එහිදී අදාළ ආයතනයේ හිමිකරු ඇතුළු කිහිපදෙනකුගේ පහරකෑමට ලක්වූ තමාට රෝහල් ගතව ප්‍රතිකාර ගැනීමට සිදූවූ බවත් ඒ පිළිබඳව කොල්ලුපිටිය පොලිසිය වෙත පැමිණිල්ලක් කළ ද එවක සිටි පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අවශ්‍ය පියවර ගෙන නොමැති බවත් සඳහන් කරමින් රත්නපුරයේ පදිංචිකරු විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් යොමුකර තිබිණි.
Saru News








