මර්වින්ගේ ලේකම් “සිංගප්පූරු සරත්” අත්අඩංගුවට !

0
11


ව්‍යාජ ඔප්පු සකස් කර රජයට අයත් ඉඩමක් විකිණීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති නඩුවේ 4 වැනි සැකකරු වන සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අද (04) උදෑසන කිරිබත්ගොඩ පිහිටි ඔහුගේ නිවසේදී සිංගප්පූරු සරත්ව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

“සිංගප්පූරු සරත්” යනු හිටපු ඇමති මර්වින් සිල්වාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කළ අයෙකි.

මෙම නඩුවට අදාළව මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇතත් ඔහුව සොයාගැනීමට මෙතෙක් පොලීසියට නොහැකි වී තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here