මර්වින් සිල්වා ඇතුළු 4ක් යළි රිමාන්ඩ් – ප්‍රසන්න සහ මිල්රෝයිට වරෙන්තු

0
11


හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අප්‍රේල් 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කර තිබෙනවා

එමෙන්ම අදාළ සිද්ධියට චෝදනා එල්ලවී ඇති තවත් තිදෙනෙකු ද අප්‍රේල් 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ .

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගියදා පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේදී මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගනු ලැබුවා .

මේ වනවිට සැඟවී සිටින ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා යන අය අත්අඩංගුවට ගැනීම සඳහා මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here