මන්ත්‍රී රෝහණ බණ්ඩාරට මරණ තර්ජන ලිපි ඇවිත් සතියයි! අගමැති හරිනිට මරණ තර්ජන කරලා ඊමේල් එකක් ඇවිත්! විපක්ෂනායක සජිත්ට ස්නයිපර් ප්‍රහාරයක්? VIDEO I Sri Lanka Latest News

0
4


අගමැතිනි හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලනඥයන්ට එල්ල විය හැකි ජීවිත තර්ජන සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.Sri Lanka Latest News

පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කළේ, අගමැතිනි හරිනි අමරසූරියට මරණ තර්ජන ඇතුළත් විද්‍යුත් තැපෑලක් අගමැති කාර්යාලයට ලැබී ඇති බවයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අගමැති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු පැමිණිල්ලක් ගොනු කර ඇති අතර විද්‍යුත් තැපෑල සම්බන්ධයෙන්, ගූගල් වෙතින් වාර්තාවක් ඉල්ලා සිටි බවත්, එම වාර්තාව ලැබී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවා.

එම තර්ජනාත්මක විද්‍යුත් තැපෑලෙහි IP ලිපිනය නෙදර්ලන්තය සහ ජර්මනිය සමඟ සම්බන්ධ වී ඇති බව සොයාගෙන ඇති බව අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට පැවසූ අතර ඒ සම්බන්ධයෙන් වන වාර්තාව ලැබුණු විගස අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව ද සඳහන් කළා.

තව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යවරයා හෙළි කළේ 2024 අගෝස්තු මාසයේදී අමාත්‍යාංශයේ හදිසි දුරකථන අංකය හරහා පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

ඒ අනුව පාතාල නායකයෙකු වන ‘ලොකු පැට්ටි’ ගේ සහචරයෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉලක්ක කර ගනිමින් ස්නයිපර් ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටින බවට පැමිණිල්ලේ සඳහන් වූ බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට හෙළි කළා.

“අපි පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. තොරතුරු සපයන්නා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අසත්‍ය බව සොයාගෙන තිබෙනවා. පැමිණිල්ල කළ ජංගම දුරකථන අංකය පිළිබඳව ද පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. පැමිණිල්ලට අදාළ කරුණු අසත්‍ය බව ඔප්පු වී තිබෙනවා,” යනුවෙන් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට සඳහන් කළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here