විශේෂ නාවික හමුදා මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය තොගයක් බවට සැකකෙරෙන උර සහ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් භාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් මෙම බහුදින ධීවර යාත්‍රාව භාරයට ගෙන ඇති අතර, ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බව සඳහන් වෙයි.
ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව දිවයින වටා ඇති මුහුදු කළාපයන් ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබන ලබයි.
Saru News
















