දිවයිනට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය බහාලූ බවට සැක කෙරෙන උර හා ආයුධ ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රා දෙක අද (12) දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් තිබේ.
අදාළ ධීවර යාත්‍රා දෙකෙහි සිටි සැකකරුවන් 10දෙනෙකු ද නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබුණි.
නාවික හමුදා දිගු දුර නෞකා යොදාගෙන දිවයිනට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී පසුගියදා සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකටයුතු ධීවර යාත්‍රා හඳුනාගෙන තිබුණි.
ඉන් එක් බහුදින ධීවර යාත්‍රාවක තිබි මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර එම තොගයේ බර කිලෝග්‍රෑම් 600කට අධික බව වාර්තා වෙයි.
එමෙන්ම එම යාත්‍රාවේම තිබී පිස්තෝල ගිනිඅවි 8ක්, ඒවාට යොදන මැගසින්, T56 ගිනිඅවි 2ක් සහ M16 වර්ගයේ ගිනිඅවියක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
M16 වර්ගයේ ගිනි අවිය ආරක්ෂක අංශවල විශේෂ සමාජිකයින් පමණක් භාවිත කරන අවියක් බව පැවසෙයි.
නාවික හමුදා භාරයට ගත් අනෙක් බහුදින ධීවර යාත්‍රාව මෙම යාත්‍රාවට සහාය සඳහා ඔත්තු බැලීමට පැමිණ ඇති බවට සැක පළ කෙරෙයි.
නාවික හමුදා භාරයට ගත් ධීවරයින් දකුණු පළාතේ අය බව වාර්තා වන අතර ධීවර යාත්‍රා දෙක හා සැකකරුවන් අද පෙරවරුවේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආවේය.
නාවික හමුදාව විසින් මේ වසරේ මේ දක්වා සිය භාරයට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ද මෙය බවට පැවසෙයි.
📌 සබැඳි පුවත්
Saru News
















