මත්ද්‍රව්‍ය සපයන්නන්ට එරෙහි නීති දැඩි කරන්න යයි

0
3

මෙරටට මත්ද්‍රව්‍ය සපයන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඇප ලබාදීමකින් තොරව නඩු විභාගය අවසන් වනතෙක් රඳවා ගැනීමට අදාළ නීති සම්පාදනය කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, මාතර පැවති වැඩසටහනකදීය. 

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික් මෙහෙයුම් සඳහා පිහිටුවීම අද පෙරවරුවේ සිදුකෙරුණේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදිය.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here