මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ 372 දෙනෙකු අත්අඩංගුවට.

0
3


මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ පොලිස් මෙහෙයුම් යටතේ ඊයේ දිනය තුළ සැකකරුවන් 372 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, දිවයින පුරා සිදුකල වැටලීම් 371 කදීයි. 

හෙරොයින් කිලෝ 02යි ග්‍රෑම් 210ක්, අයිස් ග්‍රෑම් 01යි මිලි ග්‍රෑම් 153ක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රම් 749ක් එම සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. 

ඊට අමතරව කොකේන් ග්‍රෑම් 732ක්, මත් කරල් 353ක් සහ ගංජා පැළ එක් ලක්ෂ හතලිස් දහසකට අධික ප්‍රමාණයක් ද එම වැටලීම්වලදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව සියලුම පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ ඉකුත් අප්‍රේල් 13 වන දින සිටයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here