මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ 362ක් අත්අඩංගුවට

0
9


සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට අදාළව ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම යටතේ මේ වන විට සැකකරුවන් 362ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. 

ඒ දිවයින පුරා සිදු කළ වැටලීම් 362කට අදාළවයි. එහිදී හෙරොයින් සම්බන්ධව සැකකරුවන් 114ක්, අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධව සැකකරුවන් 138ක්, ගංජා සම්බන්ධව සැකකරුවන් 106ක් සහ මත්පෙති සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

එම මත්ද්‍රව්‍ය අතරින් ගංජා කිලෝ ග්‍රෑම් 02කට අධික ප්‍රමාණයක් සොයාගත් බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here