මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙක් අත්අඩංගුවට

0
8


අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, ලද තොරතුරක් මත දෙමටගොඩ, ආරමය පාර ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදීයි. 

මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 201යි මිලිග්‍රෑම් 560ක් සොයා ගත් බවයි කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන සමීපතමයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ. 

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කොටහේන පොලිසිය මගින් ක්‍රියාත්මකයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here