මත්ද්‍රව්‍ය චෝදනා ලබා සිටි විත්තිකරුවන් තිදෙනෙකුට මරණීය දණ්ඩනය!

0
5


රෂිකා හෙන්නායක මැයි 16, කොළඹ LNW :

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණීය දණ්ඩනය නියම කර ඇත.  එලෙස මරණ දඬුවම් නියම කෙරුණේ 2018 වසරේදී බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේදී බහු දින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 179කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේදී අත්අඩංගුවට ගැණුනු විත්තිකරුවන් තිදෙනෙකුටයි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් පස්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කර ඇති බව වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here