පදනම් විරහිත අති බිහිසුණු චෝදනාවකට ලක් වීමෙන් පසුව තමන් කුඩා කල සිටම අධ්‍යාපනය හදාරමින් සිටි පාසලෙන්ද ඉවත් වීමට සිද්ධ වූ, වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන් මහතාගේ දියණිය මෙවර අපොස උසස් පෙළ විභාගය ද ඉහළින්ම සමත්ව තිබෙන අතර, ඇය, මෙරට රජයේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීඨයකට ඇත-ුළු වීමේ අවස්ථාව උදාකරගෙන තිබෙන බව වාර්තා වේ.Sri Lanka Latest News
මෙම දියණිය ඈ මුහුණ දුන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දී ද සියළු විෂයන් සදහා විශිෂ්ඨ සම්මාන ලබා ගැනීමට සමත් වූ වා ය.
වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන් සිංහල මව්වරු ඉලක්කර ගනිමින් වද සැත්කම් සිදුකර ඇති බවට උදය ගම්මන්පිල, විමල් වීරවංශ, අත-ුරලියේ රතන, චන්න ජයසුමන වැනි දේශපාලනඥයන් චෝදනා කළ අතර, එහි පීඩාව විද දරා ගනිමින් ජීවත් විමට ෂාෆී පවුලේ සියලු සමීපතමයන්ට සිදු විය.
Saru FM Media