එක දිගටම කිඹුහුම් යවන කිසිවෙකු ඔබ නොදැක තියෙන්නට නම් බැහැ. පීනස නම් රෝගී තත්වය එතරම්ම සුලබ රෝගයක්. ලොකු රෝගයක් කියලා ගණන් ගන්නේ නැති එහෙත් ඉතාමත් අපහසු තත්වයක් පීනස නිසා ඇති වෙනවා.
පීනස කියලා හඳුන්වන්නේ කෝටාර ප්‍රදාහයයි. කම්මුල් ඇට තුළ සහ නළලේ ඇස් බැමිවල ඉහළ කොටස් තමයි කෝටර හෙවත් කුහර ලෙස හඳුන්වන්නේ. මෙම කුහර මුළුමනින්ම පිරී තිබෙන්නේ වාතයෙන්. හුස්ම ගැනීම ක්‍රමවත් කරවීම සහ පහසු කරවීම මෙම කෝටාර මගින් සිදු කරනවා. කිසියම් හේතුවක් නිසා මෙම කෝටාර තුළ ආසාදනය වූ ශ්ලේෂ්මලය හෙවත් සෙම ඇතිවීම නිසා මෙම කෝටාර ඉදිමීමට ලක්වීම මේ නමින් හඳුන්වනවා.
අසාත්මිකතාවන් හේතුවෙන් පීනස හැදෙන්නේ මෙවැනි අයටයි. මල් පරාග වලට, දුහුවිල්ලට, ලොම් වලට ආහාර වර්ග වලට වැනි හේතුන්ට මෙවැනි අය ට පීනස හැදෙනවා.
ගර්භනී සමයේ ඇතිවන හෝමෝන අසමතුලිතතා නිසා මෙන්ම රෝගවලට ලබා ගන්නා ඔසු හේතුවෙන්ද මෙම තත්වය හටගන්නවා.
බැක්ටීරියා, වෛරස්, දිලීර වැනි ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය නිසා සහ කාලගුණික වෙනස්වීම් නිසා ඇතිවෙන පීනස. වඩාත්ම බහුල මේ වර්ගයේ රෝගීන්.
මේ තත්වය පාලනය නොවී සති දොළහකට වඩා වැඩි කාලයක් පැවතුණහොත් එය නිදන්ගත පිනසය බවට පත්වීමට ඉඩ තිබෙනවා. එය වඩාත් වේදනාකාරී සහ සුව කිරීමට තරමක කාලයක් ගතවනවා.
ශ්වසන පද්ධතිය ආශ්රිත රෝග ඇතිවිට පිනසය වැළදුණු විටෙක රෝගියාගේ ජිවිතයට හානි ඇතිවන තරමටම අනතුරුදායක වනවා.
ප්‍රතිශක්තිකරණ දුර්වලතා ඇති විටත් එය මාරාන්තික විය හැකියි. ඒඩ්ස්, ක්ෂය රෝගය, හෙපටයිටිස්, දියවැඩියාව, ඩෙං
මෙයට ගත හැකි හොදම පියවර නම් පුද්ගලික ස්වාස්ථතාවය නිසි පරිදි පවත්වාගෙන යාම වනවා. ඒ වගේම තමන් අසාත්මිකතාවය දක්වන්නේ කුමකටද කියා හඳුනාගෙන සිටීමද හරිම වැදගත්. සාමාන්‍ය ප්රතිශ්යාවකදී පවා නිසි පරිදි ප්‍රතිකාර ගෙන සුව කරගන්නේ නම් අවදානමක් එන්නේ නැහැ.
– චම්මි –
Saru FM Media