මංගල ගවුම හරියට තෝරා ගන්න..

0
3

පෙයාර්ස් හැඩයේ (ත්‍රිකෝණාකාර) සිරුරකට

මෙවැනි සිරුරක උරහිස් වල ප්‍රමාණය කුඩා වන අතර, ඊට සාපේක්ෂව උකුලේ ප්‍රමාණය විශාලයි. මෙවැනි යුවතියක් තෝරා ගන්නා ගවුම මඟින් ඇගේ උරහිස් වල ප්‍රමාණය විශාල කර පෙන්වා, උකුලේ ප්‍රමාණය අඩු කර පෙන්වීම සුදුසුයි.
මේ නිසා ගවුමේ කර ගැඹුරු විය යුතුයි. ගවුමේ කර ගැඹුරු වීමෙන් එයට ගැලපෙන සුන්දර මාලයක් පැළඳීමේ අවස්ථාවත් ඔබට හිමි වෙනවා. ඒ වගේම උරහිස් නොමැති ගවුමක් වුවද මෙවැනි යුවතියකට හොඳින් ගැලපෙනවා.

ඇපල් හැඩයේ සිරුරකට

මෙවැනි සිරුරක් ඇති යුවතියකගේ ඉණ පෙදෙස විශාල වන අතර, දෑත් සහ දෙපා සිහින් වෙනවා.

මෙවැනි යුවතියක් තෝරා ගන්නා ගවුමේ කර වී හැඩයේ (V shape) විය යුතුයි. ගැඹුරු V shape කරකින් ඔබේ සිරුරේ ඉනෙහි විශාලත්වය වෙත නෙත යොමු වීම වැළකෙනවා.ඉන උසට දමා, සාය කොටස ඉහල සිට දිගට ඇති ගවුමක් තෝරා ගන්න. A shape සාය ඔබේ ඉණෙහි විශාලත්වය සඟවනවා.උදර පෙදෙසේ මෝස්‌තර යෙදූ ගවුම් ඇපල් හැඩයේ සිරුරකින් යුතු යුවතියකට ගැලපෙන්නේ නැහැ. ගවුම මැදින් විශාල පටි යෙදු ගවුම් ගැලපෙන්නේත් නැහැ.

වැලි ඔරලෝසු හැඩයේ සිරුරකට

මෙවැනි සිරුරක් හිමි යුවතියකගේ ඉණ සිහින්. උකුලේ ප්‍රමාණයත් උරහිස් වල ප්‍රමාණයත් සමානයි.low-cut neckline සහිත ගවුමක් තෝරා ගන්න. A shape සාය හෝ සිරුරේ ප්‍රමාණයටම ඇති දිගු සාය සහිත ගවුම් ගැලපෙනවා.

කොටු හැඩයේ සිරුරකට

කොටු හැඩයේ සිරුරක් හිමි යුවතියගේ ඉණ සිහින්ව පෙනෙන්නේ නැහැ. උරහිස් වල ප්‍රමාණය සහ උකුලේ ප්‍රමාණය එක සමාන වෙනවා.
මෙවැනි සිරුරක් හිමි යුවතියකට ගැලපෙන්නේ උරහිස් නැති ගවුමක් හෝ උරහිස් විවෘත වන සේ සැකසූ ගවුමක්.උඩු ඇඳුමේ කරට බෝ එකක් වැනි මෝස්තරයක් යෙදු ගවුමක් තෝරා ගන්න. උකුල පෙදෙසේ මෝස්තර සහ රැලි වලින් යුක්ත ගවුමක් කොටු හැඩයේ සිරුරක් ඇති යුවතියකට හොඳින් ගැලපෙනවා.ගවුම මැදින් පටි යෙදු ගවුමක් මඟින් මෙවැනි යුවතියකගේ ඉන සිහින් කර පෙන්වනවා. එමඟින් ඉණ ප්‍රදේශය වෙනම, සිහින්ව නෙත ගැටෙනවා.

එමෙන්ම, ඔබේ සිරුරේ උසට ගැලපෙන්නට ඔබේ මංගල ගවුම තෝරා ගන්න සැලකිලිමත් වෙන්න. 

-නිබන්ධිකා-

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here