භූමිකම්පාවක් නිසා ග්‍රීසියට සුනාමි අනතුරු ඇගවීමක්

0
4


ග්‍රීසියේ කසෝස් දූපත ආසන්නයේ භූමිකම්පාවක් හටගෙන තිබෙනවා. 

එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 6යි දශම 1ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.     

ඒ හේතුවෙන් ග්‍රීසියේ සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. 

කසෝස් දූපත අසල වෙරළ තීරයෙන් වහාම ඉවත් වන ලෙසට එරට රජය අනතුරු අගවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

කසොස් අගනුවර වන ෆ්‍රයි සිට කිලෝමීටර් 15ක් පමණ දුරින් අදාළ භූකම්පනය හටගෙන තිබෙනවා. 

ඒ අනුව ග්‍රීක දූපත් වන ක්‍රීට්, කසෝස්, කාර්පාතෝස් සහ ඩොඩෙකැනිස් දුපත්වල ඇතැම් ප්‍රදේශවලට භූකම්පනයෙන් දැඩි බලපෑම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. 

කෙසේ වෙතත් භූකම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හානියක් හෝ දේපල හානියක් වාර්තා වී නැහැ. 

මේ අතර තුර්කිය, ඊජිප්තුව, ලෙබනනය සහ ජෝර්දානය ඇතුළු රටවල් රැසකට එම භූමිකම්පාවේ කම්පනය දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here