මෙරට ජනතාව පිට පිටම ප්‍රධාන මැතිවරණ දෙකකට මුහුණ දී තුන්වැනි මැතිවරණයකට ද මුහුණ දෙන බවත් ජනාධිපතිවරනයේ හා මහමැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණ බලයට ආවේ පොහොසත් රටක් නිර්මාණය කිරිමට වුවත් මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන පොරොන්දු පත්‍රිකාව නැවත කියවන ලෙස ඉල්ලා සිටින බවත් මොවුන් බලයට ඇවිත් කළේ බොරුව සටකපට දේශපාලනය ජනතාව ඇන්දවීම හා පච දේශපාලනය බවත් බොරු කියා මහා නාට්‍ය රංගනයක ආණ්ඩුව නිරත වන බවත් බලයට පැමිණි පසු ජනතාවාදී ජනතාවට හිතකාමී නව IMF ගිවිසුමකට යයි කියා හිතුවත් වත්මන් රජයත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ අඩිපාරේ ගිය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මාතර ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි
බලයට පැමිණි පසු IMF ගිවිසුම වෙනස් කරනවා කිව්වත් බලයට පැමිණි පසු පසුගිය රජයේ IMF ගිවිසුමම ක්‍රියාත්මක කළ බවත් ජනපීඩක ගිවිසුමක් කියා මැතිවරණ වේදිකාවේ කිව්වත් අද වන විට එම ගිවිසුමම පිළිගෙන මේ ගිවිසුම හරහා පීඩාවට පත් ජනතාව තවත් අසරණ කළ බවත් වැඩ කරන ජනතාවගේ අර්ථ සාධකයට බලපෑම් කළ මේ IMF ගිවිසුමම පිළිගෙන එම ජනතාවට ද්‍රෝහී වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බඩු මිල අඩු කරනවා යැයි පැවසුවත් අද වන විට සහල් පොල් කිරිපිටි මිල ද වැඩි වී ඇති බවත් ජනතාවට අවශ්‍ය ලුණු ටිකවත් දී ගන්න බැරිව ඇති බවත් පාසල් උපකරණවලට අත්‍යාවශ්‍ය ආහාරවලට ගහන වැට් එක අඩු කරනවා කිව්වත් එයද කඩවුණු පොරොන්දුවක් වී ඇති බවත් එක පෑන් පාරින් ප්‍රශ්න විසඳනවා කිව්වත් කිසිවක් නොවිසඳුණු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
විදුලි බිල 33%කින් එනම් රු 9000 බිල 6000 දක්වා අඩු කරනවා යැයි කිව්වත් මාස 6කට විදුලි බිල අඩු කරන්න බැ කියා නිවේදන නිකුත් කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව මහජන උපයෝගීතා කොමිසමට ගිය නිසා 20% විදුලි බිල අඩු කළ බවත්, තෙල් මිල ද වරායෙ මිලදී ගන්නා ප්‍රමාණයට අඩු කරනවා කිව්වත් එය ද නොවූ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
පළමු අයවැයෙන් 35000ක් උපාධිධාරීන්ට රැකියා දෙනවා කිව්වත් තවමත් රැකියා නොමැති බවත් බලයට පැමිණි පසු ඔවුන් අමතක කර ඇති බවත් කෘෂි ක්ෂේත්රයේ පෙරළියක් කරනවා කිව්වත් පොහොර සහනාධාරය හරියට දි ගන්න බැරිව ඇති බවත් අද වන විට වී ගොවිතැනට පවා හරියට පොහොර සහනාධාර නොලැබෙන බවත් ගුණාත්මක භාවයෙන් ඉහළ පොහොර නොලැබෙන බවත් කෘෂිකාර්මික ක්ෂේත්රයේ අර්බුද රැසක් ඇති බවත් වගා හානි වන්දිවත් නොමැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
බොරුව රැවටිල්ල මිස කරපු දෙයක් නැති බවත් පැය 24 බොරු කිය කිය දේශපාලන පැවැත්ම තහවුරු කර ගන්න හදන බවත් පච දේශපාලනය පමණක් අලුත් කර අයවැය යෝජනාවේ නැති දේවල් පවා කියන බවත් මේ ආකාරයට කියන බොරු ජනතාව පිළිනොගන්නා නිසා අලුත් තුරුම්පුවක් ලෙස මාලිමාවේ බලය නැති සභාවලට මුදල් වෙන් නොකරන බවට පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.










Saru FM Media