බොරතෙල් මිල අඩුවෙයි

0
4

අද (11) උදෑසන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 87.88ක පමණ අගයක සටහන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ඇමෙරිකානු බොරතෙල් බැරලයක් ඩොලර් 83.35ක් පමණ අගයක සටහන් වූ බව සඳහන්ය.

ලෝක වෙළෙඳපොළේ සීඝ්‍රෙයන් ඉහළ ගිය බොරතෙල් මිල මේ වනවිට පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

2022 වසරේ ජුලි මාසයෙන් පසු පළමුවරට සඳුදා බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව පසු කළ අතර එය ඩොලර් 119 ක උපරිම මිලක් සටහන් වී තිබුණි.

ඒ මැදපෙරදිග යුද උණුසුම ඉහළයාමේ ප්‍රතිඵලයක් ලෙසයි.

එවන් පසුබිමක ”යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවට” අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ  සිදුකළේය.

එම ප්‍රකාශයත් සමග බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා පහළ ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. එය 8%ක අඩුවීමකි.

මේ අතර අද උදෑසන ආසියානු වෙළඳපොළ ගනුදෙනු ආරම්භ වන විට, ඉරාන යුද්ධයේ වර්ධනයන් හමුවේ පසුගිය දින කිහිපය තුළ පැවති දැඩි අස්ථාවරත්වයෙන් පසුව තෙල් මිල සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතී.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here