බේකිං සෝඩා වලින් ලබා ගත හැකි මෙම ප්‍රයෝජන පිළිබඳව ඔබ දන්නවාද?

0
13


බොහෝ විට බේකිං සෝඩා (baking soda/ Sodium bicarbonate) යොදා ගැනෙන්නේ ආහාර සැකසීමේ දී පිපුම් කාරක වශයෙනි. නමුත් බේකිං සෝඩා වලින් තවත් ප්‍රයෝජන රැසක් ලබා ගත හැකියි. මේ බේකිං සෝඩා වලින් ගත හැකි ප්‍රයෝජන කිහිපයක් –

තෙල් සහිත ආහාර ප්ලාස්ටික් බඳුන් වල යෙදූ විට පැල්ලම් ඇති වේ. මෙම පැල්ලම් ඉවත් කර ගන්න බේකිං සෝඩා යොදා ස්පොන්ජයකින් සමග පිස දමන්න.

බේකිං සෝඩා සහ ජලය මිශ්‍ර කර ශීතකරණය පිරිසිදු කල හොත් ශීතකරණයෙන් හමන අමිහිරි ඝන්ධය නවතා ගත හැකියි.

වෙළඳසැලකින් ලබා ගත් එළවළු සහ පළතුරු වල මතු පිට ඇති ඉටි වැනි ආලේපනය මෙන්ම දූවිලි ආදිය ද ජලය සමඟ මිශ්‍ර කර ගත් බේකිං සෝඩා යොදා සේදීමෙන් ඉවත් කර ගත හැකිය.

මුළුතැන්ගෙය තුල මෙන්ම නාන කාමරය තුල ඇති ටයිල් වැනි මතුපිට පෘෂ්ඨයන් පිරිසිදු කරන්නට ජලය සමඟ මිශ්‍ර කර ගත් බේකිං සෝඩා යොදා ගත හැක.

බිත්ති පුරා ඇති ඔබේ දරුවාගේ කලාත්මක පැස්ටල් නිර්මාණ ඉවත් කිරීමට බේකිං සෝඩා ඉසින ලද තෙත ස්පොන්ජයකින් බිත්ති පිරිසිදු කරන්න.

ඉතා මිල අඩු ස්වාභාවික පිරිසිදු කාරකයක් වන බේකිං සෝඩා භාවිතයට හුරු වීමෙන් ඔබේ පසුම්බියට මෙන්ම සෞඛයට ද සහනයක් වනු ඇත.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here