බෙල්ලෙහි අවපැහයට නොවරදින විසඳුම්

0
18


ඔබේ මුහුණ කොතරම් නම් පැහැපත් වුණත් ඔබේ බෙල්ල කළු පැහැයෙන් යුතු නම් එය ඔබව අවලස්සන කරනවා. මුහුණ පැහැපත් කරගන්න මහන්සි වෙනවා වගේම බෙල්ල ගැනත් සිතා බැලීම ලස්සනට ඉන්න උනන්දු වන හැමෝටම වඩාත් වැදගත් වනවා. ඒ නිසාම අද අපි කතා කරන්න යන්නේ ඔබට ගැටළුවක් වෙලා තියෙන බෙල්ලෙහි කළු පැහැයට නොවරදින විසඳුම් ගැනයි.

මුහුණ ගැන සැලකිලිමත්වන ගොඩක් අය බෙල්ල ගැන එතරම් සැලකිලිමත් වන්නේ නැහැ.ඒ නිසාම සතියකට වරක් හෝ ස්ක්‍රබ් කරන්නේ නැති උනාම බෙල්ලේ මැරුණු සම එක් වෙනවා. ඒ අනුව මැරුණු සම එක දිගට තැන්පත් වීම නිසා බෙල්ල කළු පැහැ ගැන්වෙනවා.

ශරීරයේ සිදුවන හෝමොන වෙනස් වීම හරහාත් බෙල්ලේ පැහැය වෙනස් වෙන්න පුළුවන්.

උදාහරණ –
තරුණ වියට එළඹෙද්දී සිදුවන හෝමෝන වෙනස් වීම
සමහර කාන්තවන් දරු ප්‍රසූතියට ආසන්න වෙද්දී බෙල්ල කලු පැහැ ගැන්වෙනවා .එයට හේතුව තමයි හෝමෝන වෙනස් වීම .

පියවර 1 – ක්ලේන්සර් කිරීම

සීනි සහ දෙහි එකිනෙක හොඳින් මිශ්‍ර කර ක්ලෙන්සර් ගන්න
කිරි සහ දෙහි එකිනෙක හොඳින් මිශ්‍ර කරගෙනද ක්ලේන්ස්ර් සඳහා භාවිතා කළ හැකියි.

පියවර 2- ස්ක්‍රබ් කරන්න

හාල් පිටි වලට කිරි දමා සාදා ගත් මිශ්‍රණයෙන් ස්ක්‍රබ් කර ගන්න

පියවර 3 – පැක් එකක් යොදන්න

හාල් පිටි තේ හැදි 2ක්

dove සබන් කුඩු තේ හැඳි 2ක්

හාල් පිටි හැඳි 2ක්

කෝන් ප්ලා හැඳි 2ක්

දෙහි යුෂ

මද රස්නේ උණු වතුර

මේ සියල්ල දමා හොඳින් සදා ගත් මිශ්‍රණය බෙල්ලේ හොඳින් ආලේප කොට විනාඩි 30ක් තබා සෝදා ඉවත් කරන්න.

පියවර 4 – කෝමාරිකා ආලේප කිරීම

පියවර 5 – සම්බාහනය කීරීම

සුදු පොල්තෙල් ස්වල්පයක් මදක් රත් කරගෙන බෙල්ලෙහි ආලේප කර හොඳින් සම්බාහනය කර ගන්න.

ඒ අනුව ඉහත උපදෙස් නිසියාකාරයෙන් අනුගමනය කළහොත් ඔබටත් මේ ගැටලුවට නිසැක විසඳුම් ලැබේවි .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here