අද (09) පෙරවරුවේ මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 හෙලිකොප්ටර් යානාවේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු හමුදා භටයින් 12 දෙනාගෙන් සයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් සය දෙනෙකු බරපතළ තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරුගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ, තුවාල ලැබූ සය දෙනාගෙන් දෙදෙනකු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
සෙසු සිව්දෙනාගේ තත්ත්වය යහපත් අතට පරිවර්තනය වෙමින් තිබෙන බවත් වාර්තා වුණා.
අද පෙරවරු 08.16ට පමණ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් විසිර යාමේ උත්සවයකට එක්වීමට පියාසර කරමින් සිටි ගුවන් යානාවක් මෙලෙස හදිසි අනතුරකට ලක් වුණා.
එහිදී හෙලිකොප්ටරය ජලාශයට කඩා වැටීමත් සමග එය ගිලී ගොස් ඇති අතර, එම යානාව ගොඩගැනීමට ද ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇති ව පූර්ණ මෙහෙයුම් ක්‍රියාත්මකයි.
අරලගංවිල පොලිසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක අතර ගුවන් යානාව කඩා වැටීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ එම යානාව තුළ ගුවන් නියමුවන් දෙදෙනකු, ගුවන් තුවක්කුකරුවන් දෙදෙනකු,රෙජිමේන්තු හමුදා බලකා නිලධාරීන් (RSF) නිලධාරීන් දෙදෙනකු සහ යුද හමුදා විශේෂ (Army SF) බලකායේ සාමාජිකයින් සයදෙනෙකු සිටි බවයි පැවසෙන්නේ.
Saru FM Media