බෘක් නායකයාගේ වගකීම ඉටු කරයි

0
5

නිශ්මං රණසිංහ පෙබරවාරි 25, කොළඹ LNW:

එංගලන්තය සහ පකිස්තානය අතර පැවති තරගය කඩුලු දෙකකින් ජය ගන්නට එංගලන්තයට හැකි වුණා.ලකුණු 164 ක් වැනි ලකුණු ප්‍රමාණයක් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට සෑහෙන ලකුණු ප්‍රමාණයක් කියා දැනුනත්,එම ඇත්ත වෙනස් කිරීම සඳහා වන සටනට එංගලන්ත නායකයා පිවිසුණා.හැරී බෘක් එම සටන ජයග්‍රහණයක් දක්වා ගෙන යමින් නිමා කරන්නට දැක් වූ ශතක දායකත්වය මෙවර තරගාවලියේ වටිනාම ශතකය ලෙස හැඳින්වීම
විල් ජැක්ස් (28) සහ සෑම් කරන් (16) හරෙන්නට එම ලකුණු 164 ට එරෙහිව වෙන කිසිඳු පිතිකරුවෙකුගෙන් ඉලක්කම් දෙකකවත් සහයක් නොලැබෙන තත්ත්වයක බෘක් පන්දු 51 ලබා ගත් ශතකය නිසා එංගලන්තය මුහුණ දුන් විසිවන ඕවරයේ පළමු පන්දුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 166 ක් බවට සිය ලකුණු පූවරුව පත් කර ගන්නට එංගලන්තයට හැකි වෙනවා.ඒ එම පන්දුවට ජෙෆ්රා ආචර් එල්ල කරන හතරේ පහර නිසයි.

ලකුණු 0 සිට 155 දක්වා බාක් කඩුල්ලේ රැදී සිටිනවා.ඒ වගෙම ලකුණු 166 න් ලකුණු 100 ක් ඔහුගේ නමට ලියා ගන්න බෘක්ට හැකිවෙනවා.මේ තරගාවලිය තුළ පල්ලෙකැලේ මේ තරම් සාර්ථක වූ පිතිකරුවෙකු නැති බව කියන්නෙ,අන් සියල්ලම අසාර්ථක වන තත්ත්වයක බෘක් පෙන්වන දක්ෂතාවය වෙනස් සහ ඉහළ මට්ටමක තිබෙන බව පැහැදිළි නිසයි.
උප මහ්ද්වීපික තණතීරුවල එංගලන්ත පන්දු යවන්නන්ගේ හැසිරීම සුවිශේෂයි.පොළවේ අනන්‍යතාවය ගත් විට එම තණතීරුවල ඇත්ත වාසිය ශ්‍රී ලංකාව සහ පකිස්තානයට ලැබිය යුතුයි.එහෙත් එංගලන්තය මේ තණතීරුවල හැසිරෙන ස්වභාවය තුළින් පෙන්වන්නේ පකිස්තානයට සහ ශ්‍රී ලංකාවට නැති වෘත්තිමය ස්වභාවයයි. මේක අලුත් ප්‍රවනතාවයක්.ජෝ රූට් වැනි පිතිකරුවෙක් දෙන්නෙක් වෙනුවට වත්මන් එංගලන්ත කණ්ඩායමම ශ්‍රී ලංකාවෙදි දක්වන හුරුපුරුදු කම තුළින් පෙන්වන්නේ ඒ වෙනුවෙන් කරන ලද හැදෑරීම්වල ප්‍රතිපලයි.එය පිත්තෙන් පන්දුවට පහර දීමේ හැකියාව පමණක්ම වන්නේ නැහැ.

එසේම පකිස්තානයට එරෙහිව ලියම් ඩෝසන්ගේ පන්දු යැවීම මෙන්ම විල් ජැක්ස් ශ්‍රී ලංකාවට එරෙහිව කළ පන්දු යැවීම සළකා බලද්දි ඒවා තර්ජනාත්මක පන්දු යැවීම්ම නොවේ.එහෙත් වරදට පොළඹවන සුළු පන්දු යැවීම්.පිතිකරුවාට දැවී නොයි ඉන්නට තිබුණ පන්දු යැවීම්.ඒ සියල්ල සරලව ගත් විට එංගලන්ත පන්දු යවන්නන් ‘තැන‘ හොයාගෙන කරන පන්දු යැවීම සහ උප මහද්විපික පන්දු යවන්නන් හොඳින් පන්දු යැවීම අතර සාර්ථක සහ අසාර්ථකවීමේ පරතරයක් තිබෙනවා.පන්දු යැවීමේදී ප්‍රතිපලය යහපත් වන්නේ පන්දු යවන්නාගේ හැකියාව ඉක්මවා මතුවන පිතිකරුවාව කියවා ගැනීමට ඇති දැනුම සහ අවබෝධය වෙන්නෙ විශාල හැදෑරීම් පරාසයකට යටත්වයි.
කෙසේ හෝ මේ වන විට පකිස්තානයට තිබෙන්නේ ශ්‍රී ලංකාව සමඟ පැවත්වෙන තරගය පමණයි.ඔවුන් තරග දෙකක් නිමා කර ජය පරාජය නොවිසඳුණ තරගය නිසා සිටින්නේ ලකුණු එකක් ලබා ගෙනයි.ශ්‍රී ලංකාවට එරෙහිව තරගය පකිස්තානය ජය ගතහොත් ඔවුන්ට ලකුණු තුනයි.මේ සියළු තත්ත්වය සමඟ තවම එක ලකුණක් හෝ නැතිව සිටින ශ්‍රී ලංකාව තමයි අසීරුම තත්ත්වයට මුහුණ දී සිටින්නේ.අද නවසීලන්තය සමඟ තරගය ජය ගතහොත් ශ්‍රී ලංකාවට පකිස්තානය හමුවන්නට පෙර කාණ්ඩයේ දෙවන තැනට ආ හැකියි.ඒ මේ වන විට නවසීලන්තයට මෙන්ම පකිස්තානයට ද ඇත්තේ ජය පැරදුමෙන් තොරව නිමා වූ තරගයේ එක ලකුණ පමණක් නිසයි.
කෙසේ නමුත් මේ වන විට එංගලන්තය පෙරමුණේ රැදී සිටින්නේ ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පොළව තුළ පැල වෙන්න අවශ්‍යය දැනුමෙන් සන්නද්ධව සිටින නිසයි.ඒ නිසා ඔවුන් තරගයක් තමන්ට ඇති අවාසි තත්ත්වයන් මඟ හරවා ගෙන පිතිකරණයෙන් හෝ පන්දු යැවීමෙන් ගොඩ දමා ගැනීමට අවශ්‍යය කරන ක්‍රියාවලිය තුළ ජයග්‍රාහීව සිටිනවා.පකිස්තාන තරගයේ දත්ත ඔබ නැවත විමසා බලද්දී පන්දුවෙන් පන්දුව නැවත කියවා ගනිද්දී එංගලන්තය නිශ්චිත තැනදී ප්‍රතිවාදියාගේ හරිම නිලය අල්ලා අඩපන කිරීමේ කර්තවය හරියටම කරන හැටි දන්නවා.ඒ ගැන පහතින් දක්වන සබැඳිය ඔස්සේ අවබෝධ කර ගත හැකියි.
https://bit.ly/4qYXiKP

The post බෘක් නායකයාගේ වගකීම ඉටු කරයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here