සටහන – රුවන් නෙළුගොල්ල
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ඊයේ (මැයි 11) පෙරවරුවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 22ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබේ.
මෙම බස් රථයේ සුන්බුන්වලට තම සිරුරෙන් කොටසක් යටවී තිබියදීත් මවක් තම මාස 08 ක් වයසැති බිළිඳියක් ආවරණය කරගෙන සිටි දර්ශනය සියලු දෙනාම පාහේ කම්පාවට පත් කළ සංවේදී සිදුවීමක් විය.
ඒ මව සහ බිළිඳිය ආසන්නයේම සිටි පියා ඒ වනවිටත් බස් රථයට යටවී මරණයට පත්ව සිටියේය.
බස් රථයේ සුන්බුන් අතර සිරවී සිටි මගීන් ඉවත් කිරීම සඳහා පැය කිහිපයක් තිස්සේ සිදුකළ ගලවාගැනීමේ මෙහෙයුමකින් පසු ඉහත කී මව සහ බිළිඳිය රෝහල්ගත කෙරිණි.
කෙසේවෙතත් රෝහල්ගත කිරීමෙන් පසු ඊයේ පස්වරුවේ ඒ මව මියගොස් ඇත.
කුඩා දරුවා මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල වෙත මාරුකර යවා ඇති බව සඳහන්.
Saru FM Media