ස්පාඤ්ඤයේ බාසිලෝනා ප්‍රදේශයේදී මගී දුම්රියක් පීලි පැන අනතුරට ලක්වීමෙන් දුම්රිය රියදුරෙකු මිය ගොස් පුද්ගලයින් 37 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ දුම්රිය පීළිපැන අසල පිහිටි තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවය.
අනතුරින් මියගිය මඟීන්ගේ සංඛ්‍යාව මේවන තෙක් තක්සේරු කර නොමැති බව විදෙස් වාර්තා පැවසුවේය.
ඊසානදිග ස්පාඤ්ඤයට බලපෑ දැඩි හිම කුණාටු තත්ත්වයත් සමඟ මෙම අනතුර සිදුව තිබේ.
දුම්රිය තුළ සිරවූ මගීන් බේරා ඉන් ඉවත් කිරීමට අදාළ අංශ පියවර ගෙන ඇති බව සඳහන්ය.
මීට දින දෙකකට පෙර දකුණු ස්පාඤ්ඤයේ දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 42 දෙනෙකු මියගිය බව විදෙස් වාර්තා සඳහන් කළේය.
Saru News










