Wednesday, May 14, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් බිරිය ඝාතනය කර ඇළකට දැමූ සැමියා සහ බෑණා අත්අඩංගුවට

බිරිය ඝාතනය කර ඇළකට දැමූ සැමියා සහ බෑණා අත්අඩංගුවට

0
10


husband-and-son-in-law-arrested-for-killing-wife-and-throwing-her-into-a-canal

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක් තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර, ඇයගේ සිරුර දෙකට කපා ස්ටේට්පුර කුණු ඇළට විසි කර දැමීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන ඇයගේ සැමියා සහ බෑණා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්වූයේ ඒ.එච්.කේ. විමලාවතී නම් 65 හැවිරිදි දෙදරු මවක් වන අතර, සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇයගේ දෙවැනි විවාහයේ සැමියා සහ බෑණා ය. පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට, විමර්ශනය සඳහා මූලික වූයේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ දියණිය විසින් මව අතුරුදන් වී ඇති බවට කරන ලද පැමිණිල්ලකි.
ස්ටේට්පුර ප්‍රදේශයේ දෙමහල් නිවසක ජීවත් වූ මෙම පවුලේ උඩුමහලේ දියණිය සහ බෑණා ද, පහළ මහලේ ඝාතනයට ලක්වූ කාන්තාව සහ ඇයගේ සැමියා ද වාසය කර තිබේ. පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති පරිදි, විමලාවතී මත්කුඩු ජාවාරමක ද නිරත වී සිට ඇති අතර, ඇය වෙතින් මත්කුඩු මිලදී ගැනීමට නිතර පැමිණි 25 හැවිරිදි තරුණයෙකු සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇත.

මේ සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පැවසූ ආකාරයට, සිද්ධියට පෙර දින කිහිපයක් පුරා, සතියක පමණ කාලයක් මෙම කාන්තාව කිසිවෙකුට නොදන්වා නිවසින් පිටව ගොස් තිබිණි. මෙම කාලය තුළ ඇය අනියම් සම්බන්ධතාවය පැවැත්වූ තරුණයා සමඟ මහනුවර ප්‍රදේශයේ ගත කර ඇති බව ඇයගේ සැමියාට දැන ගැනීමට ලැබී තිබේ.
පසුගිය 22 වැනිදා, විමලාවතී ඇයගේ අනෙක් දියණිය සමඟ නිවසට පැමිණ ඇති අතර, පසුව දියණිය මව නිවසට ගෙන ආ පසු ආපසු තම නිවස කරා ගොස් ඇත. එම දියණිය 26 වැනිදා පොලිසිය වෙත පැමිණ මව දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටින බවත්, ඇය ගැන සොයා බැලුවද තොරතුරක් නොමැති බවත් පවසමින් පැමිණිල්ලක් කර තිබුණි.
පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී, අතුරුදන් බව කියැවුණු කාන්තාව සහ ඇයගේ සැමියා අතර විරසකයක් තිබී ඇති බව අනාවරණය වීමෙන් පසු, සැමියා සහ බෑණා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත. දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඝාතනයේ සැබෑ සිදුවීම් නිරාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

ඔවුන්ගේ පාපොච්චාරණය අනුව, පසුගිය 23 වැනිදා රාත්‍රියේදී සැකකාර සැමියා විසින් විමලාවතී කපා ඝාතනය කර ඇත. පසුව බෑණා සමඟ එක්ව කාන්තාවගේ සිරුරු කොටස් පොහොර උර තුනකට දමා, ඒවාට ඉන්ටලොක් ගල් එකතු කර, හොඳින් ගැට ගසා ඇත. පසුදින (24 වැනිදා) අලුයම 2.30ට පමණ සැකකාර බෑණා ලවා ස්ටේට්පුර කුණු ඇළේ පාලම මතින් එම පොහොර උර ඇළට දැමීමට සලස්වා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් සාක්ෂියක් ලෙස, සැක කරුවෙකු පොහොර උර කර මත තබාගෙන යන අයුරු අසල වෙළඳසැලක සීසීටීවී කැමරාවක පැහැදිලිව සටහන්ව ඇත. එම අවස්ථාවේ එම ප්‍රදේශයට තදින් වර්ෂාව ද පතිත වූ අයුරු එම දර්ශනවල දැකිය හැකිය.
ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි කුමාර ඇතුළු නිලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටිති.

gossiplanka image 2
gossiplanka image 3



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here