බිත්තර සඳහා අද සිට 18%ක වැට් බද්දක්

0
9


අද (01) සිට බිත්තර සඳහා 18%ක වැට් බද්දක් අයකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

බිත්තර සඳහා වැට් බද්දක් ක්‍රියාත්මක කළ ද, බිත්තර මිලේ කිසිඳු වැඩිවීමක් සිදුනොවන බවයි එම සංගමය සඳහන් කළේ.

බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉතිහාසයේ පළමුවරට බවයි බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය වැඩිදුරටත් පැවසුවේ.

බිත්තර අලෙවියෙන් ලබන ආදායම වැට් බද්දට යටත්වන අතර, මේ හේතුවෙන් බිත්තර කර්මාන්තයේ කඩා වැටීමක් සිදුවන බවයි ඔවුන් සඳහන් කර සිටියේ.

මේ වනවිට වෙළඳපොළ තුළ බිත්තර මිලේ පහළ යෑමක් පෙන්නුම් කරන අතර, රුපියල් 25ත් 30ත් අතර, මිල ගණන්වලට බිත්තරයක සිල්ලර මිල පවතිනවා.

ඇතැම් බිත්තර නිෂ්පාදකයින් පවසන්නේ බිත්තරයක නිෂ්පාදන පිරිවැය හෝ සපුරාගැනීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උදාවී ඇති බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here