බැසිල් යළි දිවයිනට ?

0
3


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණෙන්නේ නම් ඕනෑම මොහොතක ඒ මහතාව පිළිගැනීමට සූදානම් බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා අද (22) දිනයේදී මෙරටට පැමිණීමට නියමිත බවට පැතිර යන ආරංචි පිළිබඳ විමසීමේදී හිටපු මන්ත්‍රීවරයා පැවසුවේ එවන් දැනුම් දීමක් තමන්ට නම් ලැබී නොමැති බවයි.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතාට මේ මොහොතේදී විශාල කාර්යභාරයක් ඉටුකිරීමට ඇති බවත් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටව ගොස් තිබුණේ පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ 2024 සැප්තැම්බර් 20 වනදා ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here