නිශ්මං රණසිංහ පෙබරවාරි 26, කොළඹ LNW:
බැරිකමට වඩා හැකියාව පවත්වාගෙන යාමට සහ කළමනාකරණය කිරීමට නොහැකිකම නිසා අත් කර ගන්නා පසුබැසීම්වලින් ශ්‍රී ලංකාව පරාජය වූ ලෝක කුසලාන තරගාවලියක් ලෙස මේ තරගාවලියේ මුල් කරග කිහිපයේ ජයග්‍රහණ කිහිපය සොඳුරු මතක ලෙස ඉතුරු කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියෙන් සමුගන්නට සිඳුවනු ඇත.එය ශ්‍රී ලංකා කණ්ඩායම සිරුරෙන් පමණක් නොව තරගය මනසින් කළමණාකරනය කර ගැනීමට අවශ්‍යය අතකින් ශක්තිමත් මෙන්ම තවත් අතකින් නමණිය විය යුතු මනසක් සකස් කිරීමේ අවශ්යයතාවය පැහැදිළි කරන පරාජයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතාම පහසුවෙන් ඉහළට නැඟ,ඊටත් වඩා වේගයෙන් පහළට වැටෙන කණ්ඩායමක් බව පැහැදිළි කරමින්,ලෝක කුසලාන තරගාවලියේ ආරම්භයේ සිට ඔස්ට්‍රේලියාව ගෙදර යවන තෙක් අති වශිෂ්ඨ ක්‍රීඩා රටාවක් ප්රචර්ශනය කළ ශ්‍රී ලංකාව පළමු වටයේ අවසාන තරගයේ සිට නවසීලන්තය දක්වා වන තරගය දක්වාම කළේ ජයග්‍රහණය පෙනි පෙනී තිබී පසුව විශ්වාස නොකළ අන්දමේ අන්ත පරාජයකට වැටීමය.
නවසීලන්තර තරගයේදී ලකුණු 84 ට කඩුලු 6 ක් බිඳ වැටී තිබුණ නවසීලන්තය ඉතා අඩු ලකුණු ගණනකට සීමා වෙන ලක්ෂන විදිහා පෙන්වීය.ලාංකේය ප්‍රේක්ෂකයෝ ද එසේ සිතන්නට වූහ.ශ්‍රී ලංකා ක්රීඩකයෝද එසේ සිතමින් සැහැල්ලුවෙන් ක්‍රීඩා කළහ.සිතීම සහ ඊට එක් වූ සැහැල්ලුව පෙරළා වාසි සහගත තත්ත්වයක් උදා කළේ නවසීලන්තයට ය.ඔවුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් එල්ල කළ පීඩාව අත් හැරීම නිසා ඔවුන් ලක්ව සිටි පීඩනයෙන් ටිකෙන් ටික මිදෙන්නට හැකියාව ලැබුවා.
නවසීලන්ත හත්වන විකට්ටුවේ සබඳතාවය ලකුණු 84 ක් විය.එම සබඳතාවය 12 ඕවරයේ දෙවන පන්දුවේ සිට විසිවන ඕවරයේ අවසාන පන්දුව දක්වා දිව ගිය ආරක්ෂාව,සැළසුම සහ වේගය කැටි වුණ එකක් විය. මෙහිදී පරාජය කරා ගමන් කිරීමට වනිඳු හසරංගගේ සහ ඒෂාන් මාලිංගගේ අඩුව ද එක හේතුවක් යන්න කිසිසේත්ම බැහැර කළ නොහැකිය.එහෙත් තරගය තුළ ප්‍රතිවාදියා අසරණ කර බිමට වට්ටවා තිබීමේ දී යළි ඔහු නොනැගිටිනු ඇතැයි සිතා ප්‍රාථමික ලෙස හැසිරීම ජාතික කණ්ඩායමක අනන්‍යතාවය නොවේය.ඒ සිරකිරීම එක දිගටම තරගය තුළ පවත්වාගෙන යමින්,තව තවත් පීඩනය පැතිරවීම කරමින් ප්‍රතිවාදියාට පුළුවන් උපරිම පරාජය අත් කර දීමෙන් මෙපිට අත් නොහැරීම සිඳු විය යුතුය.එසේ නොවන තැනකදී ප්‍රතිවාදියා නැවත හොදින් නැගිට ප්‍රහාරය එල්ල කරන බවට කදිම සාක්ෂිය සැපයූවේ ඉහතින සඳහන් කළ හත්වන කඩුල්ලේ සබදතාවය ඇති කළ නවසීලන්ත නායක මිචෙල් සැන්ට්නර් 47 සහ නොදැවී ලකුණු 31 ක් රැස් කළ කෝල් මක්කොන්සි ය.
පොදුවේ තරග දිනන අවස්ථාවන් හී ද ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්වන විශාලම දුබලතාවය කඩුලු අතර දිවීමය.සමහර විට ප්‍රමෝදය වික්‍රමසිංහ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස යළිත් මේ ක්‍රීඩකයන්ගේ ධාවන වේගය මෙන්ම දරා ගැනීමද කණ්ඩායමට තේරීම සඳහා අවශ්‍යය සාධකයක් බවට පත් කරන්නේනම් එය වැදගත්ය.කණ්ඩායම සිටින්නේ ඒ අවස්ථාව තදින්ම දැනෙන මොහොතක පිඩාවෙන් හිර වී ගොඩ එන්නට මඟක් නැතුවය.
පළමු ලකුණ වේගයෙන් නිමවා දෙවන ලකුණ ගැන සිතීම පසෙකලා පළමු ලකුණ සැහැල්ලුවෙන් ලබා දෙවන ලකුණ වේගයෙන් දිව ගොස් ලබා ගැනීමට හැකිදැයි විමසා බලන ප්‍රාථමික මට්ටමක පිතිකරුවන් සිටින බව හොඳින් පැහැදිළිය.මේ ලකුණු දෙකක් ලබා ගැනීමට ඇති ඉඩ මඟ හැරීම වගේම එක ලකුණ කරා වේගයෙන් පැති හුවමාරු කර ගැනීමට ඇති නොහැකියාව ද නිසා ශ්‍රී ලංකාව අනවශ්‍යය නිලකුණු පන්දු ප්‍රමාණයක් සිය ඉණිමට එකතු කර ගැනීම සුලබ තත්ත්වයකි.
තරගාවලිය වෙනුවෙන් ඇයි සංචිතයට කැඳවූවේ කියන ප්රශ්නය මතු කරමින් සිටි චරිත් අසලංකාගේ තේරීම ප්රශ්නකාරී විය.එවැනි තත්ත්වයක ලකුණු අතර නොමැති නිසා කණ්ඩායම තේරීම ද ගැටළුකාරී වුණ චරිත් අසලංක කණ්ඩායමට කැඳවීම සහ ඔහුට මුල් පිතිකරු ස්ථාන තුනෙන් එකක් වෙන් කිරීම කණ්ඩායම අවසාන වරට නිගමනය කරන නායකයාගේ සහ පුහුණුකරුවාගේ තීරණ කෙතරම් ප්‍රායෝගිකදැයි යන ගැටළුව මතු කරන්නේය.ජයග්‍රහණය අපේක්ෂාවෙන් සූඳු කරන ආකාරයේ තීරණ ගැනීමට ඉඩ නැත.ගන්නා තීරණ තාර්කික විය යුතුය.
කෙසේ නමුත් ප්‍රමෝදය ඇතුළු තේරීම් කමිටුව මහත්මාකමින් මේ වන විට හිටපු තේරීමු කමිටුවේ සළු උනා අවසන්ය.එහි සිටි සාමාජිකයින් දෙදෙනෙකුද වර්ථමාන තේරීම් කමිටුවේ සිටින අතර ඔවුන්ට ලෝක කුසලාන තරගාවලියෙන් පසුව වත්මන් සාමාජිකයන් සමඟ රෙදි ඇඳ ගැනීමට ඉඩක් ඇත.එහෙත් ඇෆ්ගනිස්තාන තරගාවලිය සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය තවමත් නොදන්නා බැවින් සමහර විට හිටපු අය සමග වර්ථමාන කණ්ඩායම ද හෙළුවෙන් සිටීමට තීරණය කරන්නට ද ඉඩ ඇත.
කෙසේ නමුත් මේ තරගාවලියේ සුපිරි අට දක්වා එනු ඇතැයි විශ්වාස නොකළ ශ්‍රී ලංකා කණ්ඩායම විශ්වාස නොකළ හැකි අන්දමෙන් සුපිරි අට වටයට පිවිසියේය.සිය ප්‍රතිවාදීන්ට එරෙහිව නොසිතූ විදිහේ අභියෝගයක් එල්ල කළ හැකි හැකියාව මේ පැරදෙන මොහොතේත් මේ ක්‍රීඩා කළ කණ්ඩායමට ද තිබිණ.නවසීලන්තයේ කඩුලු 6 ක් පන්දු ඕවර් 12.1 තුළ ලකුණු 84 ට දවා ගැනීම ඊට හොඳම උදාහරණය වන්නේය.
මහේෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීරට මුහුණ දී ගැනීමට නොහැකිව සිටි නවසීලන්ත පිතිකරුවන් වෙත ඒ පීඩනය වැඩි කිරීමේ පන්දු වෙනුවට අවසාන භාගයේ එල්ල කරන ලද්දේ පුල්ටොස් පන්දු සහ හොඳින් හරි බරි ගැහී පහර එල්ල කළ හැකි අන්දමේ කෙටි පන්දුය.ඒ ගැන නැවත ඔවුන් දෙදෙනාව පමණක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සමස්ත ක්‍රියාවලිය ගත්ත ද කිව හැකිව ඇත්තේ බැරිකමට වඩා හැකියාව පවත්වාගෙන යාමට සහ කළමනාකරණය කිරීමට නොහැකිකම නිසා අත් කර ගන්නා පසුබැසීම්වලින් ශ්‍රී ලංකාවට අත් වූ පරාජයන්ය. එහි යටි අරුත මෙම කණ්ඩායම හැකියාව පවත්වාගෙන යාමට සහ කළමනාකරණය කිරීමට හැකි පිරිසක් විය යුතුය.තමන් ගැන ඇති ආත්ම අවිශ්වාසය වෙනස් කළ හැකි,ක්‍රීඩකයන්ට පහසුවෙන් තේරුම් ගන්න හැකි අභිප්‍රේරකයෙකු සෙවිය යුතුව ඇත.
පහතින් ඇත්තේ තරගයේ දත්ත දැන ගැනීමට හැකි සබඳතාවය ය.
https://bit.ly/3OxNyJT

The post බැරිකමට වඩා හැකියාව පවත්වාගෙන යාමට නොදන්නා, මානසික විරේකයක අවශ්‍යයතාව මතු කරන පරාජයකි. appeared first on LNW Sinhala.
Saru News










