බ්‍රෙඩ් කැසරෝල්

0
15


පාන් වලින් සකසා ගන්න පුළුවන් මේ බ්‍රෙඩ් කැසරෝල්කෙටි ආහාරයකට වගේම ඔබේ සිඟිත්තාගේ පාසලටපෙර පාසලටවගේ අවස්ථා සඳහාත් යවන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් බාගයක්
  • සොසේජස් කරල් 4
  • ළුණු ගෙඩියක්
  • මාළු මිරිස් කරලක්
  • තක්කාලි ගෙඩියක්
  • ගම්මිරිස් කුඩු
  • ලුණු කුඩු
  • බිත්තර 3

සාදන ක්‍රමය:

භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් එකතු කරන්න .පොඩියට කපාගත් සොසේජස් එයට බැදෙන්න දමන්නසොසේජස් බැදුණු පසු එයටම කපාගත් ළුණුමාළු මිරිස්තක්කාලිගම්මිරිස් කුඩුලුණු එකතු කර කලවම් කරගන්නපොඩිවට කපාගත් පාන් කැබලිද එයට එකතු කරන්න.

අවශ්‍ය නම් තම්බා බැදගත් හතු වර්ගයක් හෝ මස් වර්ගයක් මෙයට එකතු කරගන්නත් පුළුවන්සාදාගත් මිශ්‍රණය බටර් ගාගත් තැටියක දමා තුනී කරගන්නඑයට උඩින් ගසාගත් බිත්තර වත්කරන්නදැන් මෙය සෙල්සියස් අංශක 180 ක ප්‍රමාණයට රත් කරගත් උඳුනක විනාඩි 20 – 30 ක් බේක් කරන්න.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here