ගල්ෆ් කලාපය තුළ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එහි රැඳී සිටින බ්‍රිතාන්‍ය වැසියන්ට සහය වීම සඳහා බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය “අතිමහත් කැපවීමකින්” කටයුතු කරමින් සිටින බව එරට විදේශ ලේකම් වෙට් කූපර් පවසයි.
ඇයගේ ඇස්තමේන්තුවට අනුව ගල්ෆ් කලාපය තුළ බ්‍රිතාන්‍ය වැසියන් 300,000ක් පමණ සිටින අතර, ඉන් 102,000ක් මේ වන විටත් විදේශ කාර්යාලය වෙත සිය තොරතුරු ලබා දී ලියාපදිංචි වී සිටියි.
මෙලෙස ලියාපදිංචි වූ පිරිස් වෙත සංචාරක උපදෙස් සහ ආරක්ෂාව පිළිබඳ තොරතුරු සෘජුවම ලබා දීමට පියවර ගෙන තිබේ.
පවතින තත්ත්වය හමුවේ බොහෝ රටවල් සිය ගුවන් කලාප වසා දමා ඇති බැවින්, බ්‍රිතාන්‍ය වැසියන්ට යළි සිය රට බලා පැමිණීමට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වී ඇත.
මෙම තත්ත්වය ඉතා “පීඩාකාරී” එකක් බව පිළිගන්නා විදේශ ලේකම්වරිය, රජය මේ පිළිබඳව ඉතා දැඩි අවධානයකින් පසුවන බවත් ඔවුන් ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමට හැකි සෑම විකල්පයක්ම පරීක්ෂා කරමින් සිටින බවත් සඳහන් කළාය.
තත්ත්වය වර්ධනය වන ආකාරය අනුව විදේශයන්හි සිටින බ්‍රිතාන්‍ය ජාතිකයින්ට අවශ්‍ය උපදෙස් වරින් වර ලබා දෙන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
Saru News













