බස්නාහිර පළාත තුළ ප්‍රාථමික අංශයේ පමණක් ගුරු පුරප්පාඩු 1,620ක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ දිවයින පුරා ගුරු පුරප්පාඩු 28,000කට වැඩි සංඛ්‍යාවක් පවතින බවයි.
මෙම ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඉදිරියේදී ගන්නා පියවර පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළා.
මේ අතර සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේ සෞඛ්‍ය සේවයේ ද පුරප්පාඩු රැසක් පවතින බවයි.
මෙම අදහස් පළ වුණේ ඊයේ පාර්ලිමේන්තුවේදීයි.
Saru FM Media