බස් රථයක් කැබ් රථයක සහ ලොරි රථයක ගැටෙයි – පුද්ගලයෙකු ජීවිතක්ෂයට

0
26


අග්බෝපුර පොලිස් වසමේ කන්තලේ – ත්‍රිකුණාමලය මාර්ගයේ 85 කණුව ආසන්නයේදී අනතුරක් සිදුව තිබෙනවා .

අග්බෝපුර සිට කන්තලේ දෙසට ගමන් ගත් කැබ් රථයක පසුපසින් එම දිශාවටම ධාවනය වූ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් පසු ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයකද බස් රථය ගැටී තිබෙන බවයි වාර්තා වන්නේ .

අනතුරින් බස් රථයේ රියදුරු හා එහි ගමන් ගත් කුඩා දරුවන් ඇතුළු 20 දෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

අනතුරින් මියගොස් ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

අනතුර සම්බන්ධව අග්බෝපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here