බර ඛනිජ (Heavy Minerals) කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

0
2

නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය කැබිනට් අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුව හරහා සම්මත කර ක්‍රියාත්මක කරන තෙක්, ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ ද්‍රව්‍ය හැර අනෙකුත් සියලුම ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) දින කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීය.

මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ නිවාස සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය වැලි සහ ගල් වැනි ද්‍රව්‍ය සඳහා මෙම තහනම බල නොපාන බවය.

කෙසේ වෙතත්, ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් සහ ගානට් වැනි බර ඛනිජ  සඳහා වන සියලුම ගවේෂණ සහ කැණීම් බලපත්‍ර ලබාදීම නව ප්‍රතිපත්තිය එළිදක්වන තෙක් අත්හිටුවා තිබේ.

මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් පහත පරිදි වේ:

1. නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය සහ ඩිජිටල්කරණය:

රටේ ඛනිජ සම්පත්වලින් ජාතියට උපරිම ප්‍රතිලාභ ලබාගැනීම අරමුණු කරගත් නව ජාතික ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

එළඹෙන මාර්තු මාසය අවසන් වීමට පෙර ඊට අදාළ මාර්ගෝපදේශ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පුද්ගල අභිමතය මත තීරණ ගැනීම වැළැක්වීම සහ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා සමස්ත බලපත්‍ර ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමට ද රජය පියවර ගනිමින් සිටී.

2. මිරිප්පවිල ඛනිජ වැලි කැණීම් පිළිබඳ සැබෑ තත්ත්වය:

මිරිජ්ජවිල ප්‍රදේශයේ ඛනිජ වැලි ඉවත් කිරීම සඳහා කිසිදු පෞද්ගලික ආයතනයකට වත්මන් රජය යටතේ අවසර ලබා දී නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කලේය.

2024 සැප්තැම්බර් මස නිකුත් කර ඇත්තේ ප්‍රවාහනයට අදාළ ලිපියක් පමණක් බවත්, එය ගවේෂණයට හෝ කැණීමට ලබා දුන් වලංගු බලපත්‍රයක් නොවන බවත් හෙළිවිය.

ඒ අනුව, සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය වාර්තා අමාත්‍යවරයා තරයේ ප්‍රතික්ෂේප කලේය.

3. නීතිවිරෝධී කැණීම් මැඩලීම සහ නව වැටලීම් ඒකකය:

පසුගිය කාලසීමාව තුළ දේශපාලන බලය අනිසි ලෙස භාවිතා කරමින් සිදු කළ නීතිවිරෝධී කැණීම් හේතුවෙන් රටට අහිමි වූ සම්පත් ප්‍රමාණය අතිවිශාලය.

රාජ්‍ය භාගය නොගෙවීම සහ නීතිවිරෝධී කැණීම් සම්බන්ධයෙන් දැනටමත් නඩු විශාල සංඛ්‍යාවක් පවතින අතර, ඉදිරියේදී මෙවැනි ජාවාරම් මැඩලීම සඳහා “ක්ෂණික වැටලීම් ඒකකයක්” ස්ථාපිත කිරීමට ජනාධිපතිතුමාගේ අනුමැතිය හිමි වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කලේය.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් අබේසේකර මහතා, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ (ඝ්SMඹ්) සභාපති ජේ. එම්. එස්. එන්. ජයසිංහ මහතා සහ අධ්‍යක්ෂ (භූ විද්‍යාඥ) ඩී.පී.ආර්. වීරකෝන් මහතා ද සහභාගී වී සිටියේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here