බර අඩු කරන චියා පුඩිං විනාඩි 02න් හදමු

0
11


චියා (chia seeds) ඇට බර අඩු කර ගන්නට උත්සාහ දරන්නන් අතර ඕට්ස් තරමට ම ජනප්‍රිය ආහාරයක්. කස කසා ඇට වගේ ම වුණත් කස කසා ඇට සහ චියා ඇට කියන්නේ වර්ග දෙකක්. චියා ඇට තරමක් මිලෙන් අධිකයි. නමුත් පෝෂණ ගුණයෙන් අනූනයි. පහසුවෙන් හදාගන්නට පුළුවන් චියා පුඩිං රෙසිපි කිහිපයක් තමයි මේ ලිපියෙන් ගෙන එන්නේ. උදෑසන ආහාරයට වගේ ම healthy desserts හොයන ඔයාටත් මේවා ඉතා ම සුදුසුයි.

චියා ඇටවල පෝෂණීය ගුණ

මේවායෙහි ඇති තන්තුමය ස්වභාවය නිසා ආහාර ජීර්ණය කිරීමට පහසු වේ. එනිසා ම මළ බද්ධය වැනි තත්ත්වයන්ට ඉතා සුදුසුයි. නමුත් චියා ඇට ආහාරයට ගන්නවා නම් හොඳින් වතුර බොන්නට මතක තබා ගන්න. චියා ඇට වතුර උරා ගන්නා නිසා ඔබ හොඳින් වතුර නොබිව්වහොත් මළ බද්ධය වැඩි වීමට හැකියාව තිබෙනවා. රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමේ හැකියාවකුත් චියා ඇටවලට තිබෙනවා. ඒ වගේ ම රුධිර පීඩනය අඩු කරන්නටත් මේවාට පුළුවන්. චියා ඇට ප්‍රතිඔක්සිකාරකවලිනුත් අනූනයි.

චියා යෝගට් පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය

චියා ඇට මේස හැඳි දෙකක්
යෝගට් එකක්
අවශ්‍යනම් පමණක් මීපැණි ටිකක්

හදන්නේ මෙහෙමයි

යෝගට් එක හොඳින් බීට් කරන්න. දැන් එයට චියා ඇට ටික සහ මී පැණි ටික එක් කරන්න. රැයක් ශීතකරණයේ තබා ආහාරයට ගන්න.

චියා පලතුරු පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය

චියා මේස හැඳි දෙකක්
කුඩාවට කැපූ කෙසෙල් ගෙඩි බාගයක්
කුඩාවට කැපූ අඹ කෑල්ලක්
කුඩාවට කැපූ ඇපල් කෑල්ලක්
ආමන්ඩ් මිල්ක් කෝප්ප කාලක්
පැණිරස අවශ්‍ය නම් මීපැණි

හදන්නේ මෙහෙමයි

චියා ඇට සහ ආමන්ඩ් මිල්ක් හොඳින් මිශ්‍ර කරන්න. දැන් සියල්ල එකට කලවම් කරන්න. සුදුසු බඳුනක දමා රැයක් ශීතකරණයේ තබන්න. හොඳින් ඝන වුණ පසු ආහාරයට ගන්න.

කිරි රසැති චියා පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය

චියා ඇට මේස හැඳි දෙකක්
කිරි කෝප්ප කාලක්
අවශ්‍ය නම් මීපැණි

හදන්නේ මෙහෙමයි

චියා ඇට සහ කිරි ටික හොඳින් මිශ්‍ර කරන්න. මීපැණි ද අවශ්‍ය නම් එක් කරන්න. රැයක් ශීතකරණයේ තබා ආහාරයට ගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here