බර අඩු කරගන්න නම් ඔබ ආහාරයට ගත යුත්තේ කුමන ඕට්ස් වර්ගයද?

0
13


ඕට්ස් කියන්නේ කා අතරත් ජනප්‍රිය උදෑසන ආහාරයක්.බොහෝ දෙනා විවිධ විදියට මේ ඕට්ස් ආහාරයට ගන්නවා. අද අපි ඔබට කියන්නේ ඔබේ බර අඩු කරගන්න ඔබ ආහාරයට ගන්න ඕනේ ඕට්ස් වර්ග මොනවද කියලයි

ඇවෙනා සැටිවා (Avena Sativa) කියන ධාන්‍ය ගසෙන් ලබාගන්නා ධාන්‍ය වර්ගයක් තමයි ඕට්ස් කියන්නෙ. කැනඩාව, රුසියාව, ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් වල ඕට්ස් නිෂ්පාදනය බහුල වශයෙන් සිද්ධ වෙනව.

ඕට්ස් වල බීටා ග්ලූකන් නම් විශේෂිත තන්තු වර්ගයක් අඩංගු වී ඇති අතර එය බර අඩු කර ගැනීම සඳහා විශේෂයෙන් උපකාරී වන බව 2012 දි සිදුකල පර්‍යේෂණයක් මගින් හෙලිවී තිබෙනවා.

සෑම වර්ගයකම ඕට්ස් එකම මුල් අමුද්‍රව්‍යයකින් සකස් කර තිබෙන නිසා ඒවායේ පෝෂණ අන්තර්ගතය සැලකිය යුතු ලෙස වෙනස් වන්නේ නැහැ

ඒ අනුව සියලුම ඕට්ස් වර්ග සියයට සියයක්ම ධාන්ය වර්ග වන අතර විටමින් බී 1, පොස්පරස් සහ මැග්නීසියම් ඇතුළු තන්තු, විටමින් සහ ඛනිජ ලවණ ඇතුලු සියලු පෝශක කොටස් ඕට්ස් වල අඩංගු වී තිබෙනවා.

ඕට්ස් කියන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණය ඉහල නංවන ආහාරයක්

තන්තු බහුල ආහාරයක් වන ඕට්ස් ඔබේ ආහාර ජීර්ණ පද්ධතියට ඉතා ගුණදායක වෙනවා මෙන්ම මලබද්ධය වැනි රෝග සම්පුර්ණයෙන්ම සුව කරන්න ඕට්ස් වලට හැකියාව තියෙනවා

සිරුරේ අඩංගු අනවශ්‍ය මේදය ඉවත් කරන්න වගේම, රුධිරගත සීනි ප්‍රමාණය අඩු කරන්න ඕට්ස් වලට පුලුවන් .ඒ නිසා ඕට්ස් දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායක ආහාරයක්

ඕට්ස් වල ඇති තන්තු සිරුරේ ඇති අනවශ්‍ය තෙල් සමඟ මුසු වී සිරුරෙන් බැහැර වී යනවා. සිරුරට අහිතකර මේදය සිරුර තුල පැවතීමෙන් හදවත සහ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග ඉහල යනවා. ඉතින් ඕට්ස් වලින් සිරුරේ අහිතකර මේදය සිරුරෙන් බැහැර කරන නිසා ඔබේ රෝග රැසකට සුවය ලැබෙනව වගේම රෝග රැසක අවදානමත් පහවෙලා යනවා

ඕට්ස් දිනපතා ආහාරයට ගන්න එකෙන් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම සැලකිය යුතු ප්‍රමාණයක් පහල බසිනවා

මෙම ඕට්ස් පිසීමට වැඩි කාලයක් ගත වේ. සම්පූර්ණයෙන්ම මෘදු ඕට්ස් බවට පත් වීමට විනාඩි 30 – 60 ත් අතර කාලයක් ගනී.

මෙය තරමක් මිල අධික ඕට්ස් වර්ගයකි.ඕට්ස් ඇටය කුඩාවට කපා ඇති අතර, පිසීමට වැඩි කාලයක් ගත වෙනවා

ඕට්ස් තම්බා පෙති හැඩයක් ලැබෙන ලෙස තැලීමෙන් මෙම වර්ගය සකසා තිබේ.ස්ටීල් කට් ඕට්ස් වලට සාපේක්ෂව ඉක්මණින් පිස අවසන් කල හැකියි

මෙය තම්බා, තලා, වේලාගත් වර්ගයක් වන අතර ක්ෂණිකව පිස ගත හැකි වීම විශේෂ ප්‍රයෝජනයකි. කාර්යබහුල නමුත් සෞඛ්‍ය සම්පන්නව ආහාර ගන්න කැමති බොහෝ දෙනා ඉන්ස්ටන්ට් ඕට්ස් එහෙමත් නැත්නම් ක්වික් ඕට්ස් භාවිතා කරනවා.

මේ හැම වර්ගයකම ඕට්ස් ඔබේ බඩගින්න ඉක්මනින් නිවා ඔබට සම්පූර්ණ හැඟීමක් ලබා දෙනවා.ඒ නිසා ඔබට නිතර කුසගින්න දැනීමක් සිදුවන්නේ නෑ වගේම ඔබ නිතර ආහාර ගැනීමත් වලක්වනවා.ඒ වගේම ඔබේ රුධිරයේ සීනි මට්ටම ස්තාවර කරන්නත් , තන්තු හා බොහෝ පෝශ්‍ය පදාර්ථ ඔබේ ශරීරයට ලබා දීමත් ඕට්ස් ආහාරයට ගැනීමෙන් සිදු වෙනවා.

ඒ නිසා බර අඩු කරගන්න උත්සහ කරන ඔබට මේ කුමන ඕට්ස් වර්ගයක් උනත් ඉතා හොඳ තේරීමක් වන බව පර්‍යේශකයන්ගේ අදහසයි

ඕට්ස් වලින් පහසුවෙන් හදා ගන්න පුලුවන් කෑම තමයි මේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here