බයිසිකල් පැදීම (cycling) කාන්තා අපිට කොතරම් වැදගත් ද?

0
11


කාන්තාවන් විදිහට අපිට නිරෝගී හැඩැති සිරුරක් ලබා ගැනීමට වගේම මානසික සහනයක් ලබාදෙන්නත් ව්‍යායාම වලට පුළුවන්. 

ව්‍යායාම කිරීමේදී අපේ තෝරාගැනීම් විවිධයි. 

තමන්ගේ නිවසේ හෝ කායවර්ධන මධ්‍යස්ථානයක වගේම බාහිර පරිසරයේ නිස්කලංක සුන්දර ස්ථානයක ව්‍යායාම කරන්නත් අපි තෝරගන්නෙ ඒ නිසයි.  

අවට පරිසරයේ සුන්දරත්වය විඳිමින් ව්‍යායාම කරන්න කැමති ඔබ අතර බොහොම ජනප්‍රිය ව්‍යායාමක් විදිහට බයිසිකල් පැඳීම (cycling) හඳුන්වා දෙන්න පුළුවන්. 

බයිසිකල් පැඳීම (cycling) කාන්තා අපිට කොතරම් වැදගත් ද කියලයි මේ ලිපිය හරහා ඔබව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙන්නෙ. 

ව්‍යායාම කිරීමේදී  හොඳින් හුස්ම ගැනීම හා පිට කිරීම සිදුවන නිසා ඒ මඟින් පෙනහළු වල ධාරිතාවය වැඩි කරනව.

බයිසිකල් පැඳීම (cycling) ඔබේ හදවතට හොඳ රුධිර සැපයුමක් ලබා දෙන්න උපකාරී වෙන නිසා හදවත් රෝග ඇතිවීමේ අවදානම අඩු කරනව. 

හුස්ම ගැනීමේ රටාව හොඳින් පාලනය කරමින් මුළු සිරුරටම බලපාන ව්‍යායාමයක් නිසා රුධිර පීඩනය අඩු කිරීමට වගේම කොලෙස්ට්‍රෝල් මට්ටම අඩු කිරීමටත් උපකාරී වෙනව. 

ශාරීරිකව ක්‍රියාකාරී කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම අඩු බව තමයි පරේක්ෂකයින් පෙන්වා දෙන්නෙ. 

ඒ වගේමයි ආර්ථවහරණය (postmenopausal phase) වූ කාන්තාවන් අතරින් ශාරීරිකව ක්‍රියාකාරී කාන්තාවන්ගේ පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම අඩු බවත් සොයාගෙන තියෙනව. 

බයිසිකල් පැඳීමේදී (cycling) මුළු සිරුරම එක ලෙස ක්‍රියාකාරී වීම සිදුවෙනව.

ඕනෑම වයසක ඉන්න කාන්තාවන්ට වැඩි මහන්සියකින් තොරව සිදුකරන්න පුළුවන් මේ ව්‍යායාමය ඔබට වැදගත් වෙන්නෙ ඒ නිසාමයි.  

හිරු එළිය ස්වභාවික විටමින් D වලින් පොහොසත් බව ඔබ දන්නවා. 

උදේ කාලයේ බයිසිකල් පැඳීම (cycling) සිදුකරන විට හිරු එළියට නිරාවරණය වීම නිසා ඔබේ සමට හොඳින් විටමින් D උරාගැනීම සිදුවෙනවා. 

විටමින් D වෛරස් වලට එරෙහිව ආරක්ෂාවක් සපයන අතරම ඔබට මානසික සුවය ලබා දීමටත් උපකාරී වෙනව. 

ව්‍යායාම කිරීම ඔබේ සිරුරේ සුදු රැධිරාණු මට්ටම හා ප්‍රතිදේහ මට්ටම වෙනස් කිරීමට සෘජුවම බලපෑමක් ඇති කරනව. 

ව්‍යායාම කිරීමෙන් පසු ශරීර උෂ්ණත්වය වැඩිවෙන නිසා සිරුරට අනවශ්‍ය බැක්ටීරීයා වල ක්‍රියාකාරීත්වය වලක්වනවා.

බයිසිකල් පැඳීමේදී (cycling) මුළු සිරුරටම එකම ලෙස බලපාන නිසා ඉතා පහසුවෙන් ඔබේ සිරුරට ලෙඩ රෝග සමඟ සටන් කිරීමේ හැකියාව වගේම ප්‍රතිශක්තියත් ලබාදෙනව. 

බයිසිකල් පැඳීමේදී (cycling) ඔබේ අත්පා, ඉණ දෙපස, කලවා. උරහිස්, බෙල්ල හා කොන්ද ඇතුළු මුළු සිරුරම එක ලෙස ක්‍රියාත්මක වෙනව. 

ඒ නිසා බයිසිකල් පැඳීමෙන් (cycling) පමණක් වුනත් ඔබේ සිරුරේ හැඩය වැඩි කරගන්න ඔබට පුළුවන්. 

ව්‍යායාම වල නිරත වීම මඟින් මාසික ඔසප් වේදනාව අඩු කරගන්න ඔබට පුළුවන්. 

බයිසිකල් පැඳීම කියන්නෙ ඔසප් කාලය තුල පහසුවෙන් කල හැකි සරල ව්‍යායාමක්.

ඒ වගේම බයිසිකල් පැඳීමේදී (cycling) වේගයෙන් හුස්ම ගැනීම නිසා හෘද ස්පන්දන වේගය වැඩිවී බඩවැල් ආශ්‍රිත මාංශපේෂි හැකිලීමකට ලක්වෙනව. 

ඒ නිසා බඩ පිපීම, කොර වීම වැනි තත්වයන්ගෙ සහනයක් ලැබෙනව. 

බයිසිකල් පැදීම (cycling) කියන්නෙ ඔබේ පුරුදු ඒකාකාරී පරිසරයෙන් බැහැරවී කරන ව්‍යායාමයක්. 

ඔබේ එදිනෙදා ජීවිතයට වෙනසක් එක් කරන්න වගේම  කාර්යබහුල ජීවන රටාවෙන් ඇතිවන මානසික පීඩනය අඩු කරන්නත් කෙටි බයිසිකල් පැඳීමකට (cycling)  පුළුවන් වෙන්නෙ ඒ නිසයි. 

ඉතිං ඔබටත් ඔබේ එදිනෙදා වැඩ කටයුතු අතර සුළු වෙලාවක් හෝ බයිසිකල් පැඳීමේ නිරත වීමෙන් නිරෝගී වගේම හැඩැති සිරුරක් ලබා ගන්න පුළුවන්. 

ආරක්ෂාව සඳහා හිස් ආවරණයක් (helmet) පළඳින්න කියල ඔබට මතක් කරන අතරම,   තවත් මෙවැනිම වටිනා ලිපියකින් ඔබව නැවත හමුවීමට අපි බලාපොරොත්තු වෙනව. 

සටහන – දුලානි නවෝද්‍යා 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here