බබාට කිරි දීමෙන් පසු ඇදී ගිය පියයුරු නිසා ඔබ දුකින් ද?

0
3

ගර්භනී බව සහ මව්කිරි දීම නිසා කාන්තාවකගේ සිරුර බොහෝ වෙනස් වීම්  වලට ලක් වෙනවා. සිරුර මහත් වීම, බර වැඩි වීම වගේම පියයුරු එල්ලා වැටීම ද ඔබ කනස්සල්ලට පත් කරන දෙයක් වන්නට ඇති. මෙය වළක්වා ගැනීම පිළිබඳ ඔබව දැනුවත් කරන්න අපි හිතුවා.
  • පියයුරු එල්ලා වැටීම වැළැක්වීමට ඔබ කළයුතු ප්‍රධානම දෙය කිරිදෙන මව්වරුන් සඳහා සැකසූ බ්‍රා එකක් භාවිතා කිරීම යි. මෙය පියයුරු වල මාංශ පේශීන් නිවැරදිව පවත්වා ගන්නවා. එල්ලා වැටීම පාලනය වෙනවා. නමුත් ඉතා තද බ්‍රා පාවිච්චි කරන්න එපා.
  • බර වැඩිවීම පාලනය කිරීමත් පියයුරු එල්ලා වැටීම වළක්වා ගැනීමට හේතු වෙනවා. ධාන්‍ය සහ විටමින් බී  අඩංගු ආහාරත්, එළවලුත්  සමේ එල්ලා වැටීම් පාලනය කරන්නට හේතු වෙනවා. ඒ වගේම සමේ තෙතමනය පවත්වා ගැනීමත් අවශ්‍ය දෙයක්.
  • නාන විට පියයුරු උණු වතුර සහ සීතල වතුරෙන් මාරුවෙන් මාරුවට සම්බාහනය කරන්න. එය සමේ රුධිර සංසරණය යහපත් කරන්නට සමත් වෙනවා.
  • වාඩි වී මව්කිරි ලබා දීම, dumbell ව්‍යායාම, pushup ව්‍යායාම ආදියත් පියයුරු ක්‍රමවත්ව තබා ගැනීමට හේතුවක්. ව්‍යායාම ඔබේ පපුවේ මාංශ පේෂීන් සවිමත් කරනවා.
  • මේ ක්‍රම භාවිතයෙන් ඔබට පියයුරු එල්ලා වැටීම වළක්වා ගැනීමට පුලුවන්. මවක් වීම ඔබේ රූ සපුව අමතක කර දමන්නට හේතුවක් නොවන බව සිහි තබා ගන්න.
ඔබ වඩාත්ම සුන්දර විය යුතු කාලය මෙය බව අමතක කරන්න එපා.

-නිබන්ධිකා-

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here