රුලන්…ඉක්මණින් හදා ගන්න පුලුවන් පහසු වගේම ගුණ දායක කෑමක්.. පුංචි බබාල ඉන්න ගෙදරක තියෙන්නම ඕන ආහාරයක් හැටියට තමයි මම රුලං දකින්නේ. ඒක රුලං වලින් බබාට කෑම හදන ඕනම අම්මා කෙනෙක් පිළිගනීවි.
රුලන් කියන්නේ මොනවද ? කෙටියෙන් කිව්වොත් මෙහෙමයි…..
තිරිඟු ඇටයක පින්තුරයක් බැලුවොත් ඔයාලට පෙනේවි එහි ප්‍රධාන කොටස් 3 ක් තියෙනවා. Germ, Bran සහ Endosperm .එතනින් Endosperm කියන කොටසෙන් තමයි රුලන් හදා ගන්නේ..
තිරිඟු වර්ග කීපයක්ම තියෙනවා.. ඉන් පෝශණ ගුණයෙන් වැඩි වර්ගයක් තමයි ඩුරම් (Durum) තිරිඟු .. ඉතින් මේවගෙන් තමයි රුලන් හදන්නේ.. මේ තිරිඟු වර්ගය පාස්තා වර්ග හදන්නත් ගන්නවා.. රුලන් කියන්නේ කාබෝහයිඩ්රට් සහ ප්රෝටීන් බහුලව අඩංගු ගුණදායක කෑමක්
තව දෙයක් කියන්න ඕන.. තිරිඟු ඇටයේ පෝශ්‍යදායී බීජ අංකුරය යි (germ ) කුරුඩ්ඩ යි (bran) රුලන් කොටසයි ඉවත් කරගෙන අද කාලයේ අපිට පාන් පිටි කියා විකුනන්නේ.. කුරුඩ්ඩේ සහ බීජ අංකුරයේ පෝශක කොටස් විශේශයෙන් විටමින් B අඩංගුයි..නිකන් පාන් පිටි කෑම වලින් කරන්නේ අපිව තරබාරු වන එක සහ වෙනත් ලෙඩ රෝග හැදෙන එක ( දියවැඩියාව වගේ)
රුලන් වලින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රථිලාභ ගැන සඳහන් කලොත්,
මාස 6 සිට ඉහලට බබාලට , මූලික ආහාර වර්ග පුරුදු කලායින් පසු රුලන් පුරුදු කිරීම පටන් ගන්න පුලුවන් . රුලන් විනාඩි 5 ක් වගේ සුලු කාලයකින් ඉක්මනට සහ පහසුවෙන් හදා ගන්න පුලුවන් නිසාත්, වෙනත් ඕනම ආහාරයක් සමඟ ලේසියෙන් මිශ්‍ර කරගන්න පුලුවන් නිසාත් අම්මලා අතර හරිම ජනප්‍රියයි. විශේශයෙන් බබාට අසනීප වුන දවස් වලට කෑම බීම හදා ගන්න රුලන් භාවිත කරන්න පුලුවන් ..ඒ වගේම අපිට කාර්‍යබහුල කම නිසා හෝ අපි අසනීප තත්වයකට මුහුන දීම නිසා හෝ බබාට ආහාර වේලක් හදා ගන්න කාලය මදි වුනොත් ඉක්මනින් රුලන් මිශ්‍ර ආහරයක් සකසා බබාට කවන්න පුලුවන් ..රුලන් වලට බබාගේ බරත් වැඩි වෙනවා.
රුලන් හදා ගන්න පුලුවන් මූලික ක්‍රමය තමයි රුලන් බැද හෝ නොබැද වතුර වලින් හෝ පොල්කිරි හෝ නැවුම් එලකිරි වලින් උයා ගෙන බබාට ආහාරයක් ලෙස සැකසීම. මම මෙයට මූලික රුලන් තලපය ලෙස නම් කරන්නම්. මෙම මුලික ක්‍රමයෙන් ඔබ්බට ගොස් මෙම ආහාරයට බබාගේ වයස අනුව රට ඉදි , පැනි, හකුරු, සීනි ස්වල්පයක් , පැණි රස රහිත චොක්ලට් කුඩු වැනි දේ එකතු කර ආහාර සකසා ගත හැකියි.
මෙම වීඩියෝ එකෙන් මම මේ රුලන් තලපය හදා ගන්න විදිය බලන්න පුලුවන් වේවි
ඉහත පරිදි ආහාර වර්ග සමග මිශ්‍ර කර ගත් විට රුලන් වලින් කෑම ගණනාවක් නිර්මාණය කර ගත හැකි බව දැන් ඔබට වැටහෙනවා ඇති නේද? රුලන් සතුව පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් ඇතත්, වෙනත් ධාන්‍ය වර්ග වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය හා සැසඳු කල සාපේක්‍ෂව ඇත්තේ අඩු ප්‍රමාණයකි. එබැවින්, පෝෂ්‍ය පදාර්ථ ප්‍රමානය ඉහළ නැංවීම සඳහා ඉහත සඳහන් කල පරිදි වෙනත් එළවළු, පලතුරු, කිරි වැනි දේ සමගම එකතු කර දෙන්න වග බලා ගන්න.
ඒ වගේම බබාලා ටික ටික ලොකු වෙද්දී වෙනත් පවුලේ ආහාරත් රුලන් මූලික කරගෙන හදා ගන්න පුලුවන් .
රුලන් වලින් පිට්ටු, රුලන් තෝස, රුලන් රොටී, රුලන් පෑන්කේක් වගේ දේවල් ඒවායින් සමහරක් ..ඊට අමතරව රුලන් පුඩිම්, අලුවා, ටොෆී වගේ ගොඩක් අතුරුපස වර්ග සාදා ගන්නත් පුලුවන් . බබාට අතුරුපස හදනවානන් සීනි භාවිතය අඩුවෙන් සිදු කරනවා නම් හොඳ වේවි.
ඒ වගේම අවුරුද්ද ට වැඩි බබාලට, අතින් කන්න තරමක් පුරුදු නිසා පොඩි පොඩි ස්නැක්ස් වර්ගත් හදලා දෙන්න පුලුවන් බැදගත් රුලන් වලින්.
මේ විඩියෝ වලින් ඔයාලට බලා ගන්න පුලුවන් වේවි එහෙන ලේසියෙන් හදපු අමතර ආහාරයක්:-
මේ ලින්ක් එක බලන්න පුලුවන් නම් ඔයාලට රුලන් වලින් සෑදූ රෙසිපි කීපයක් ම පින්තූර සමග බලන්න පුලුවන්.
මේ ලිපිය සම්භන්ධයෙන් ඔයාලට නැගෙන ප්‍රශ්ණ අපිට දන්වන්න. අපි හැකි පමණින් ඔබට නිවැරදි තොරතුරු සපයා දෙන්න උත්සහ කරන්නම්. නැවත ඔබ සැම ඉක්මනින්ම මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරන්නම්.
Saru FM Media