බදුරලිය පොලිස් වසමේ මෝල්කාව කෙලින් කන්ද මාර්ගයේ හිස් ඉඩමක වලදමා තිබූ ගිනි අවියක් සහ පතොරම් කිහිපයක් කළුතර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
ඒ, ලද තොරතුරක් මත අදාළ ස්ථානයේ සිදු කළ පරික්‍ෂාවකදීයි.
9 එම් එම් වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ස්පාඤ්ඤයේ නිෂ්පාදිත ගිනිඅවියක්, මැගසින් 02ක් සහ ජීව උණ්ඩ 05ක් එලෙස සොයාගෙන ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
එම ගිනි අවිය කිසියම් අපරාධයක් සදහා යොදාගෙන ඇද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි පොලිසිය පැවසුවේ.
Saru FM Media