බතට අපූරු රසයක් එක් කරන පිපිඤ්ඤා කරිය

0
12


අපි බොහෝ විට පිපිඤ්ඤා භාවිතා කරන්නේ සළාද වර්ග සඳහායි. නමුත් පිපිඤ්ඤා රසවත් කරියක් ලෙස ලෙස සකසා ගන්නටත් පුළුවන්.අද අපි ඔබට කියා දෙන්නේ රසවත් පිපිඤ්ඤා කරියක් හදා ගන්න පහසු ක්‍රමයක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • මධ්‍යම ප්‍රමාණයේ පිපිඤ්ඤා ගෙඩි 1
  • කපා ගත් රතුළූණු ගෙඩි 2
  • කපා ගත් අමුමිරිස් කරල් 2
  • තලාගත් සුදුළූණූ ගෙඩියක්
  • කුඩා කුරුඳු පොතු කැබැල්ලක්
  • අබ ඇට ස්වල්පයක්
  • අබ කුඩු
  • අමුතුනපහ කුඩු
  • කහ කුඩු
  • සූදුරු ස්වල්පයක්
  • කරපිංචා ස්වල්පයක්
  • අවශ්‍ය ප්‍රමාණයට පොල් කිරි
  • ගාගත් පොල් ස්වල්පයක්
  • තෙල් ස්වල්පයක්
  • රස අනුව ලුණු

සාදන අයුරු:

පලමුවෙන්ම ගාගත් පොල්, සූදුරු සහ කරපිංචා ස්වල්පයක් වතුර ස්වල්පයක් දමා ක්‍රිම් එකක් වනතුරු බේලෙන්ඩ් කර ගන්න. පිපිඤ්ඤා ගෙඩියේ ලෙල්ල සහ මැද කොටස ඉවත් කර දිගැටි හැඩයට තීරු වලට කපා ගන්න. එයට අමු තුනපහ, කහ සහ ලුණු දමා හොදින් මිශ්‍ර ක ගන්න. භාජනයක් මද ගින්දරේ ලිපේ තබා තෙල් ස්වල්පයක් දමා අබ ඇට ටික සහ සුදුළූණූ එක්කර බැදෙන්නට හරින්න. එයටම රතුළූණු සහ කරපිංචා දමා බැදෙන්නට හැර පිපිඤ්ඤා ටික ද එක්කර හොඳින් කලවම් කර ගන්න.  අනතුරුව අඹරා ගත් පොල් මිශ්‍රණය ද එක්කර කලවම් කර ගෙන වතුර ස්වල්පයක් ද එක්කර භාජනය වසා පිපිඤ්ඤා ටික හොදින් තැම්බෙන්නට හරින්න. පිපිඤ්ඤා ටික හොඳින් තැම්බුණු පසු පොල් කිරි ටික ද එක් කර පිස ගන්න. ලිපෙන් ඉවත් කර ගැනීමට පෙර අබ කුඩු ස්වල්පයක් ඉස ගන්න.

කැමති නම් මෙයට උම්බලකඩ ස්වල්පයක් ද එක් කල හැක. පෝෂණීයන් සහ රෝග මර්ධනය සඳහා ඉතා වැදගත් පිපිඤ්ඤා කැලරි අගය අඩු ආහාරයකි. එනිසා ගුණය මෙන්ම රසය ද වැඩි මෙම පිපිඤ්ඤා කරිය ඔබේ ආහාර‍වේලටත් එක් කරගන්න අමතක කරන්න එපා.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here