බඩ අඩු කර ගන්න ABS ව්‍යායාම කරන ඔබ නොකළ යුතු වැරදි කිහිපයක්.

0
14


ව්‍යායාම කරද්දී වැරදි ඉරියව් පවත්වා ගැනීම නිසා අපට සිරුරේ බර අඩු කර ගන්න අපහසුයි වෙනවා වගේම සිරුරේ යම් ආබාධ තත්ව ඇති වෙන්නත් පුලුවන්. ඉතින් මේ ලිපියෙන් අපි දැනුවත් කරන්නෙ ABS ව්‍යායාම කරද්දී ඔබ කරන වැරදි ගැනයි.

ඉඳහිට ව්‍යායාම කිරීම තුලින් ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා ගන්න අපහසුයි. ඒ වගේම දිනපතා මුළු සිරුරටම අධික වෙහෙසක් දෙමින් ව්‍යායාම කිරීමත් ඉතාම අහිතකරයි.ඒ නිසා නිවැරැදි සැලැස්මක් අනුව දවස් බෙදාගෙන ඒ ඒ දවස්වලට ඒ ඒ මාංශපේශින් ගැන අවධානය දෙන්න. උදාහරණයක් ලෙස ඔබ එක් දිනකට සිරුරේ උඩ කොටසේ මාංශපේෂී කෙරෙහි අවදානයක් දුන්නොත් දෙවැනි දිනයේ උදරය හා සිරුරේ යට කොටසේ මාංශපේෂී කෙරෙහි අවධානයක් ලබා දීම සුදුසුයි.

ක්‍රන්ච් කිරීම,Plank කිරීම වැනි ව්‍යායාම වලම නිතර නොවී යෝගා කිරීම ආදියටත් යොමු වෙන්න ඔබට පුලුවන්. ඒ වගේම ඔබ යෝගා බෝලයක් පාවිච්චි කරද්දී එය හොඳින් වාතය පිරුණු එකක් වීමත් වැදගත්.

මෙය ඔබට පහසුවක් නොවේ. අභ්‍යන්තර තුවාල ඇති වන තත්ත්වයක්.ඒ වෙනුවට දෑත් කන් මතින් හෝ පපුව මතින් තබා ගැනීම සුදුසුයි.

මෙයත් ඔබට හානිකර තත්වයක්.බිම වැතිරී කකුල් එසවීම වෙනුවට ජිම් එකේ ඇති උපකරණ භාවිතා කිරීම අනිවාර්යයෙන් සිදු කරන්න. නැතිනම් ඔබට කොන්දේ ආබාධ ඇති වෙන්න පුලුවන්.

මෙයත් ඔබේ දෑතට සහ කොන්දටත් වේදනා ගෙන එන්නක්. නිශ්චිත වෙලාවක් තබාගෙන Plank කිරීමත්, අසීරු බවක් දැනෙන විට වහා එය නැවතීමත් හරිම වැදගත්.

දන්නවද? මේක බොහොම බරපතල මිස්අන්ඩර්ස්ටෑන්ඩ් එකක්. ඔබට උදරය අඩු කර ගන්න ඕනෑ නම් නොනවත්වා abs කිරීම ප්‍රමාණවත් මදි.Cardio ව්‍යායාම වැනි දේවල් ඔබේ කැලරි දහනය සඳහා අත්‍යවශ්‍ය යි.

එක්සයිස් කරද්දී වැරදි ඉරියව් අපට හැමවිටකම හානි කරනවා.ඔබ ඉඳ ගන්නා විට වැරදි ඉරියව් පවත්වා ගත්තොත් ඔබේ පිටුපස ප්‍රදේශයේ මාංශපේශින් ඇදීම් සහ ඉරීම් වලට ලක් වෙන්න පුලුවන්.

ව්‍යායාම තියෙන්නේ අපට නිරෝගී වෙන්න.සිරුර හැඩ කරගන්න. ඒ නිසා නොදන්නා ව්‍යායාම සහ වැරදි ඉරියව් සහිත ව්‍යායාම කරන්න ගිහින් දීර්ඝකාලීන ආබාධ හදා ගන්නත් එපා. ඔබ abs ව්‍යායාම තෝරා ගන්නවා නම් පුහුණුකරුවෙක්ගෙන් විමසන්න. ඔහුගෙන් උපදෙස් ලබා ගන්න. එවිට ඔබේ අරමුණට ඉක්මනින් සහ නිරෝගීව යන්න පුලුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here