බටහිර ආසියානු බේස්බෝල් සූරතාවය ප්‍රථම වතාවට පලස්තීනයට – ශ්‍රී ලංකාවට පස්වන තැන

0
4


නිශ්මං රණසිංහ මැයි 21, කොළඹ LNW:

ආසියානු බේස්බෝල් සම්මේලනය (BFA) 1995 දී පිලිපීනයේ මැනිලා හිදී ආසියානු බේස්බෝල් කුසලානය දියත් කළ අතර පසුව එය 2012 දී බටහිර ආසියාව සහ නැගෙනහිර ආසියානු බේස්බෝල් කුසලාන ලෙස බෙදා ඇත.2012 සිට බටහිර ආසියානු කුසලාන සූරයන් වී ඇත්තේ පකිස්තානය සහ ශ්‍රී ලංකාව පමණි. පකිස්ථානය (2012, 2013, 2015 සහ 2023) සහ ශ්‍රී ලංකාව (2017 සහ 2019) ලෙස එම කුසලානය බෙදා ගෙන ඇති අතර මෙවර අවසාන තරගයේදී 5-4 ක් ලෙස පකිස්තානය පරාජය කරමින් බටහිර ආසියානු කුසලානය ප්‍රථම වරට පලස්තීනයට රැඟෙන යන්නට පලස්තීනයට අවස්ථාව හිමි විණ.දෙවරක්ම සූරතාවය දිනා ගත් ශ්‍රී ලංකාව මෙවර පස්වන තැන දක්වා පහළට වැටිණ.

ඉන්දියාව පළමු වරට ශ්‍රී ලංකාව අභිබවා සිව්වන තැනට ආවේ තෙවන ස්ථානය සහ සිව්වන ස්ථානය තීරණය කරන තරගයේදී සත්කාරක ඉරානය ඉදිරියේ 6-3 ක් ලෙස පරාජය වෙමින්ය.මේ තත්ත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථකත්වය නිසා සිඳූ වූවක් නොව පරිපාලනයේ අකාර්යක්ෂමභාවය සහ අවිධිමත් වැඩ නිසා සිඳු වූවක් බව අප අවස්ථා කිහිපයකදීම ලියා අවසන්ය.ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට යම් පරීක්ෂණයක් කිරීමේ හැකියාව ඇත.කණ්ඩායමක් සිටි තත්ත්වයේ සිට පහතට වැටෙන්නට හැකි ලෙස බිම බුරුල් කර දුන් පරිපාලකයන්ගෙන් මේ සංචාරය යාම සම්බන්ධයෙන් අවශ්‍ය ලිපි ලේඛණ ක්‍රීඩා අමාත්‍යංශය යොමු කිරීමට සිඳු වූ පමාව ගැන කරුණු විමසීමක් හෝ වන්නේනම් වැදගත්ය.එය යහපත් පූර්වාදර්ශයක් වනු ඇත.

තරගාවලිය නිමාවේ තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් හත ශ්‍රේණිගත වී තිබුණේ මේ ආකාරයෙන්ය.ශ්‍රී ලංකාව තරගාවලියේ අවසාන තරගයේදී සිය රිද්මයට පැමිණ සියලු අතපසුවීම්වල වැරදිවල මුළු බරින් බංගලාදේශයට 18 – 0 ක් ලෙස පහර දෙමින් තරගාවලිය අවසන් කළේ ජාත්‍යයන්තර පිටියේ ඉදිරි අවස්ථාවන් හෝ ප්‍රමාදයකින් තොරව ත්‍රීඩකයන්ගේ පිටට වගකීම් නොදෙමින් පරිපාලනය ක්‍රියා කළහොත් ඔවුන් ක්‍රීඩාවේ ඉහළින් සිටින බව පැහැදිළි කරමින්ය.එහෙත් මේ ක්‍රීඩකයන් පිටියේ අසරණ වුව ද,ඔවුන් නියෝජනය කරන ක්‍රීඩා සමාජවල නිලධාරි කොහොන් හෝ තමන්ට සැළකුම් ලැබෙන ස්ථානයක් වෙනුවෙන් සභාපතිවරයෙක් රැඟෙන පැමිණ පුටුවේ ඉන්දවිම සම්ප්‍රදායක් ලෙස සිඳු වෙමින් ඇත.ක්‍රීඩකයින් ඒ ගැන ද ක්‍රීඩා සමාජ මට්ටමෙන් සිය නිලධාරීන් හරි තේරීමට මෙහෙයවීමට මැදිහත් විය යුතු බව මේ කඩා වැටීමෙන් පැහැදිළි කරන්නේය.

පලස්තීනය
පකිස්ථානය
ඉරානය
ඉන්දියාව
ශ්‍රී ලංකාව
බංග්ලාදේශය
ඇෆ්ගනිස්ථානය



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here