පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් ඇතුළත් ආහාර වට්ටෝරුවක් රජයේ සහ පෞද්ගලික සියලු ආපනශාලා වෙත

0
12


පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් ඇතුළත් ආහාර වට්ටෝරුවක් ඉදිරියේදී රජයේ සහ පෞද්ගලික සියලු ආපනශාලා වෙත හඳුන්වාදීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩසටහන යටතේයි.

මෙම වැඩපිළිවෙළ පළමුවරට ඊයේ සිට ආරම්භ කෙරුණේ නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැලැස්ස” ආපනශාලාවේදීයි.

මෙහිදී රුපියල් දෙසීයක් වැනි අඩු මිලකට පෝෂණයෙන් සපිරි විශේෂ ආහාර වේලක් භුක්ති විඳීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඇසුරුම් කළ දේශීය ආහාර වර්ග මෙන්ම පෝෂ්‍යදායී කෙටි ආහාර වර්ගද, මෙහිදී පහසු මිලට ජනතාවට ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයක්. 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පැවසුවේ මෙරට ආහාර සංස්කෘතිය සම්බන්ධයෙන් අර්බුද රැසක් පවතින බවයි. 

Neth Sound · LAL KANTHA 01

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහාය ලබා ගනිමින් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සමඟ ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here