ඇමෝනියා පොහොර යූරියා පොහොර ලෙසට වංචා කර වැඩිමිලට අලෙවි කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් සිරිපුර නගරයේ කෘෂි පොහොර සහ කෘෂි ද්‍රව්‍ය අලෙවි කරන ආයතනයක සිදුකළ වැටලීමකදීයි.
එහිදී අදාළ වංචාවට අධාර අනුබලදීම සම්බන්ධයෙන් එම ආයතනයේ කළමනාකරුවෙකු ඇතුළු සේවකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23ත් 53ත් අතර වයස්වල පසුවන සිරිපුර, බුලත්කොහුපිටිය හා මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Saru FM Media